ඔරෙගන්,පෝ(ර්)ට්ලන්තයෙහි රෝස
ගොඩාක් ලස්සනයි / From Wikipedia, the free encyclopedia
ඔරෙගන්හි, පෝ(ර්)ට්ලන්ත නගරය, එළිමහන් රෝස වගාව සඳහා කල්පිත වන්නේ එහි පිහිටීම බටහිර මුහුදුබඩ වෙරළ දේශගුණයට අයත් කලාපයක් අතුළත වීමත්, එහි උෂ්ණත්වයත්, වියළි ග්‍රීෂ්ම ඍතු සහ වැසි සහිත නමුත් සෞම්‍ය ශීත ඍතු, සහ එහි මැටි බහුල පාංශු තිබීමත් ය.[1][2][3] කැරෝලින් මහත්මියගේ පරීක්ෂාවෙන් අනතුරුව, විශාල රෝස පැහැති දෙමුහුන් තේ රෝස ප්‍රභේද ප්‍රංශයෙහි අභිජනනය කිරීම නගරයට හඳුන්වා දීමත් සමඟ, 1888 සිට පෝ(ර්)ට්ලන්තය හඳුන්වනු ලැබුවේ "රෝස මල් සහිත නගරය" නොහොත් "රෝස පුරය" යනුවෙනි. 1905, ලුවිස් සහ ක්ලාර්ක් ශතසංවත්සරය විභාවනයට සූදානම් වීම සඳහා දහස් ගණනින් රෝස පඳුරු සැතපුම් 20 ක් (32 කි.මී.) පමණ පෝ(ර්)ට්ලන්තයෙහි වීථි වල අවසානයෙහි රෝපණය කෙරිණි.[4]
1907, ඊශාන දිග පෝ(ර්)ට්ලන්තයෙහි රෝස පුර උද්‍යානය ස්ථාපිත කිරීමත්, එම වර්ෂයෙහිදීම පළමු වන වාර්ෂික පෝ(ර්)ට්ලන්ත රෝස උලෙළත් පැවැත්විණි. පළමුවන ලෝක යුද්ධය අතරතුර, පෝ(ර්)ට්ලන්ත තවාන් හිමිකරුවන් විසින් යුරෝපයෙහි රෝස විශේෂයන් යුද්ධයෙන් ආරක්ෂා කර ගැනීමට, විශාල රෝස උද්‍යානයක් සැළසුම් කිරීමට ආරම්භ කලහ. 1917 දී එම උද්‍යානය ජාත්‍යන්තර රෝස පර්යේෂණ උද්‍යානය යන නමින් වොෂින්ටන් උද්‍යානයෙහි පිහිටුවන ලදී. වර්තමානයේදී නගරය දියුණු කිරීම සඳහා, සෑම ජුනි මාසයකදීම පෝ(ර්)ට්ලන්ත රෝස උළෙලෙහි සැණකෙළි, පෙළපාලි, සහ නාවික හමුදා නෞකාවන්, ටොම් මැකොල් ජලතීර උද්‍යානය ඔස්සේ නැංගුරම් ලා තිබේ. ජාත්‍යන්තර රෝස පර්යේෂණ උද්‍යානය, වර්තමානයේ එක්සත් රාජධානියෙහි පැරණිතම මහජන රෝස උද්‍යාන අතුරින් එකක් වන අතර, 8000 කට අධික රෝස පැළ සහ 550 කට අධික විවිධාකාර ප්රභේදයන්, අක්කර 4.5 ක් (හෙ.යා. 1.8) ආවරණය කරයි. 2003 වර්ෂයේදී පෝ(ර්)ට්ලන්තය "රෝස පුරය" නිල අන්වර්ථ නාමය ලෙස තෝරා ගන්නා ලදී.