![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/73/Elizabeth_Bathory_Portrait.jpg/640px-Elizabeth_Bathory_Portrait.jpg&w=640&q=50)
එලිසබෙත් බැතෝරි
From Wikipedia, the free encyclopedia
එලිසබෙත් බැතෝරි දි එක්සෙඩ් (හංගේරියානු: බැතෝරි අර්ස්සෙබෙත්, ස්ලෝවැක්: [Alžbeta Bátoriová] Error: {{Lang}}: text has italic markup (help); 1560අගෝස්තු 7 -1614 අගෝස්තු 21)[2] යනු හන්ගේරියානු රාජ්‍යයේ වංශාධිපති පවුලක් වූ බැතෝරි පවුලට අයත් හන්ගේරියානු රදළ කාන්තාවක මෙන්ම සමූල ඝාතිකාවක් වූවාය. ඇය ගිනස් ලෝක වර්තාවක් තබා ඇත්තේ වැඩිම සංඛ්‍යාවක් මිනිසුන් මරා දැමූ කාන්තාඝාතකයා[3] නොහොත් විශාල වශයෙන් පිරිස සංහාරය කළ කාන්තා ඝාතිකාව සහ බටහිර ලෝකයේ වැඩිම පිරිසක් ඝාතනය හේතුවෙනි. ඇය දැරියන්ගේ සහ කාන්තාවන් ඝාතනය කොට ලේ උරාබීමට (වැම්පයර්භාවය) පුරුදුවූ බව වාර්තාවේ.ඇය පිළිබදව වාර්තා කරන්නේ මුළු කාලවකවානුවේම වඩාත් දුෂ්ට සමූල ඝාතිකාවක් වශයෙන් සහ මෙම තරුණ ගැහැනු ළමයින්ගේ මරණ පිළිබදව සිදුවීම් සහ ඒවටා ගෙතුණු ප්‍රබන්ධ නොපැහැදිළි බවයි. 15වන සියවස පුරා ඇය විසින් කළැයි සැළකෙන කන්‍යා ඝානන සංඛයාව 600 කට වඩා වැඩියැයි සඳහන්වේ. නමුත් ඇයට බිලිවූ සත්‍ය සංඛ්‍යාව විවාදාත්මක වේ. 1585සහ 1609 අතර කාලයේදී බැතෝරි සහ ඇයගේ සහයකයන් සතර දෙනෙක් විසින් සියගණනක්වූ තරුණ කාන්තාවන් වදහිංසාකොට මරාදැමීමට හිමිකම් කියයි.[4] බැතෝරිගේ නඩු තීන්දුවේදී ඇයට බිලිවූ සංඛයාව 650 පමණ වූ බව වාර්තාවල දැක්වේ.කෙසේ නමුත් මෙම සංඛයාව හෙළිකොට ඇත්තේ සුසානා නම් සේවිකාවක් වූ අතර,එය බැතෝරිගේ මාළිගයේ නිලධාරියෙකු වන ජේකබ් සිල්වාසි විසින් බැතෝරිගේ පෞද්ගලික ග්රන්ථ වල දුටු බවද ඇය සඳහන්කොට ඇත. මෙම ග්රන්ථ කිසිදිනක අනාවරණය වී නැති අතර සිල්වාසි එය සත්‍ය යැයිද පිළිගෙන නොමැත.[5] විරෝධතා සහ සාක්ෂි හේතුවෙන් එලිසබෙත් සහ ඇගේ පවුලට හිමිව තිබූ අධිකාරී බලයට තර්ජනයක් එල්ල විය. 1609 වර්ෂයේ දෙසැම්බරයේදී ඇයව ඉහළ හන්ගේරියාවට අයත් (වර්තමානයේ ස්ලෝවේකියා) ක්සෙට්ජෙ බළකොටුව තුළ ජනෙල් පවා නොමැති කුටියක හුදකලාව සිරගත කරන ලදි. සිරගතකොට පස් වසරකින් ඇයගේ මරණය සිදුවිය.
එලිසබෙත් බැතෝරි | |
---|---|
![]() 1585 දී ගත් එලිසබෙත් බැතෝරිගේ නැතිවූ සත්‍ය උඩුකය සිතුවමක පිටපතක් | |
උපත | එලිසබෙත් බැතෝරි 7 අගෝස්තු 1560(1560-08-07) න්යර්බැටර්, හන්ගේරියානු රාජ්‍යය |
මියගිය දිනය | 21 August 1614(1614-08-21) (වයස 54) Csejte, හන්ගේරියානු රාජ්‍යය (අද Čachtice, ස්ලෝවේකියා) |
වෙනත් නම් | රුධිර ආදිපාදවරිය සෙජ්ටෙහි රුධිර කත සෙජ්ටෙහි ව්යාඝ්ර ධේනුව |
සාපරාධි දණ්ඩනය | ජීවිතාන්තය දක්වා සිරගත කරන ලදි |
කලත්‍රයා(යන්) | Ferenc Nádasdy |
දරුවන් | පෝල් ඇනා උර්සුලා කැනරින් |
ඝාතන | |
ගොදුරුවූවන් | 650ක් යැයි අදහස්වේ[1] |
ඝාතන කාලසීමාව | 1590–1609 |
රට | හන්ගේරියානු රාජ්‍යය |
සිරගත කළ දිනය | 1609 දෙසැම්බර්29 |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/52/Coa_Hungary_Family_B%C3%A1thory_Erzs%C3%A9bet_%281560-1614%29.svg/320px-Coa_Hungary_Family_B%C3%A1thory_Erzs%C3%A9bet_%281560-1614%29.svg.png)
ඇයගේ සාහසික ඝාතනය කිරීම් සම්බන්ධ කතාවල සත්‍යතාවය 300 කට වඩා සාක්කිකරුවන් සහ සේවක, සේවිකාවන් විසින් සනාථකොට ඇත.ඒවායින් සමහරක් භෞතික සාක්ෂි වූ අතර කෘරලෙස අංගඡේදනය කොට මරාදැමීම් ද ඇයව සිරගතකළ පසු මියයමින් සහ සිරගත කරන ලද ගැහැනු ළමුන් සොයාගැනීමට හැකිවී ඇත.[6] කතන්දර වල ඇයව සඳහන් කරන්නේ වැම්පයරයෙක් -ලේ උරාබීමට පිපාසිතව (වඩාන් ප්‍රසිද්ධවී ඇත්තේ තාරුණ්‍යය ලබා ගැනීම සඳහා ඇය කන්‍යාවියන්ගේ රුධිරයෙන් ස්නානය කළ බවට සඳහන් කතාවයි) පසුවූබව ඇයගේ මරණින් පසු ව පැතිරී ඇත.නමුත් මෙය තවමත් අවිශ්වාසජනකය. ඇයගේ වෘතාන්තය සීඝ්‍රෙයන් අදවන විට දේශීය ජනකතාවක කොටසක් බවට පරිවර්තනය වී ඇත.[7] ඇයව නිරතුරුව ව්ලාඩ් උලතබන්නාසමඟ වල්ලාචියා (කවුන්ට් ඩ්රැකියුලාප්රබන්ධය පාදක කරගෙන) සංසන්දනය කර ඇති අතර ඇය පාදක කරගෙන ඩ්රැකියුලා පුරාවෘත්තය පිළිබඳව මිත්‍යා කතා ද ගොඩනැගී ඇත.[තහවුරු කර නොමැත] අන්වර්ථ නාමවල සහ සාහිත්‍යය තුළ විරුද නාමය ඇයව රුධිර ආදිපාදවරිය සහ ඩ්රැකියුලා ආදිපාදවරිය ලෙස ව්‍යවහාර වී ඇත.