![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b1/NHK-Broadcasting-Center-01.jpg/640px-NHK-Broadcasting-Center-01.jpg&w=640&q=50)
එන්එච්කේ
ජපානයේ ජාතික රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය / From Wikipedia, the free encyclopedia
එන්එච්කේ (ජපන්: 日本放送協会, Hepburn: Nippon Hōsō Kyōkai, නිල ඉංග්‍රීසි නාමය : Japan Broadcasting Corporation) යනු ජපානයේ ජාතික රූපවාහිනී ගුවන්විදුලි විකාශන ආයතනයයි. එය ප්‍රේක්ෂකයින් අතර එහි ඉංග්‍රීසි මුලකුරු වලින් ප්‍රචලිත වී ඇත. එන්එච්කේ ආයතනය ජපාන රූපවාහිනී ප්‍රේක්ෂකයින් විසින් මිලදී ගත යුතු රූපවාහිනී බලපත්‍ර මගින් ප්‍රධාන වශයෙන් සිය ආදායම උපයා ගනී.
![]() | |
1995 සිට භාවිතා වන "එන්එච්කේ බිත්තර" ලාංඡනය. | |
වර්ගය | රූපවාහිනී ගුවන්විදුලි විකාශක |
---|---|
රට | ජපානය |
අාවර්ණය | දීපව්‍යාප්ත සහ ලෝකව්‍යාප්ත |
ආරම්භය | 1924 නොවැම්බර් 29 දින ටෝකියෝ බ්‍රෝඩ්කාස්ටින් ස්ටේෂන් ලෙස ස්ථාපිත කරන ලදී. 1926 අගෝස්තු 6 දින ජැපෑන් බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් සමග අනුබද්ධ කරන ලදී. |
තේමා පාඨය | まっすぐ、真剣。 ("Straightforward, earnest")[1] |
ප්‍රදේශය | ශිබුයා, ටෝකියෝ |
හිමිකරු | රූපවාහිනී ගුවන්විදුලි පනතකට යටත් ජපාන රජයේ මූල්‍යමය දායකත්වය යටතේ ඇති ස්වාධීන සංස්ථාවකි. |
දියත් කල දිනය | 1925 මාර්තු (ගුවන්විදුලිය) 1950 නොවැම්බර් (1953 පෙබරවාරි) (රූපවාහිනිය) |
පැරණි නාමයන් | Tokyo/Osaka/Nagoya Broadcasting Station (1925-26) |
Callsign meaning | Nippon Hōsō Kyōkai |
නිල වෙබ් අඩවිය | nhk.or.jp |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b1/NHK-Broadcasting-Center-01.jpg/640px-NHK-Broadcasting-Center-01.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/12/NHK_Museum.jpg/320px-NHK_Museum.jpg)
එන්එච්කේ ජාලය සතුව භෞමික රූපවාහිනී නාලිකා දෙකක්, චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා දෙකක් සහ ගුවන්විදුලි නාලිකා තුනක් ඇත. එන්එච්කේ ජෙනරල් ටීවී සහ එන්එච්කේ එඩියුකේෂනල් ටීවී එය සතු භෞමික රූපවාහිනී නාලිකා වේ. එන්එච්කේ රේඩියෝ 1, එන්එච්කේ රේඩියෝ 2 සහ එන්එච්කේ එෆ්එම් විකාශය එන්එච්කේ සතු ගුවන්විදුලි සේවා වේ. එන්එච්කේ බීඑස්-1 සහ බීඑස් ප්‍රිමියම් චන්ද්‍රිකා තාක්ෂණයෙන් විකාශය කෙරෙන ඉහල අර්ථ රූපවාහිනී නාලිකා දෙකකි. එමෙන්ම එන්එච්කේ ජාලය විසින් එන්එච්කේ වර්ල්ඩ් නමින් ජාත්‍යන්තර විකාශයක් ද සිදුකරනු ලබයි. ඊට එන්එච්කේ වර්ල්ඩ් ටීවී සහ එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම් යන රූපවාහිනී නාලිකාද, එන්එච්කේ වර්ල්ඩ් රේඩියෝ ජැපෑන් කෙටි තරංග ගුවන්විදුලි නාලිකාවද ඇතුලත්ය. එන්එච්කේ වර්ල්ඩ් රේඩියෝ ජැපෑන් ගුවන්විදුලි වැඩසටහන් අන්තර්ජාලයෙන්ද ලබාගත හැක.