එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
එක් දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රිකට් තරග කරනු ලබන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි (අයිසීසී) පුර්ණ සාමාජිකයන් හෝ ඉහළතම ආශ්රිත සහ අනුබද්ධ සාමාජිකයන් සය දෙනා යන්නන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් අතර වෙයි. [1] ටෙස්ට් තරග මෙන් නොව, එදිජා තරග සමන්විත වන්නේ, එක් කණ්ඩායමකට එක් ඉනිමක් ලෙසින් වන අතර, ඕවර සංඛ්‍යාව පිළිබඳ සීමාවක්ද සහිතවය. ඕවර සංඛ්‍යා සීමාව, වර්තමානයෙහි ඉනිමකට ඕවර 50 වන නමුදු, අතීතයෙහිදී මෙම සංඛ්‍යාව, ඕවර 55 හෝ 60 විය. [2] එදිජා ක්‍රිකට් යනු ලැයිස්තු-ඒ ක්‍රිකට් වන බැවින්, එදිජා තරග සම්බන්ධ සංඛ්‍යාන සහ පිහිටුවන ලද වාර්තා, ලැයිස්තු-ඒ වාර්තා සඳහාද ගණන් ගනු ලැබෙයි. එදිජා තරගයක් ලෙසින් ක්‍රීඩා කෙරී ඇති බවට දැන් හඳුනාගෙන ඇති පැරණීම තරගය ක්‍රීඩා කර ඇත්තේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර 1971 ජනවාරි මාසයෙහිදීය;[3] එතෙක් පටන්, කණ්ඩායම් 26 ක් විසින්, එදිජා තරග 3,000 කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත. තරග පැවැත්වීමේ වාර ගණනෙහි අනවරත ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, මෙම ඉහළ යෑමට හේතුව ලෙසින් පාර්ශවික වශයෙන් දැක්විය හැක්කේ එදිජා-ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව ඉහළ යෑම සහ, එම ජාතීන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලයන් විසින් ඔවුන්ගේ ආදායම උපරිම කර ගැනුම සඳහා උත්සාහ යෙදීම වෙයි. [4]
ආසියානු XI ක්‍රිකට් කණ්ඩායම හැරුණු කොට,[5] ජයග්‍රහණ ප්‍රතිශතය ප්‍රකාර, එදිජා ක්‍රිකට් ක්‍රීඩාවෙහි වඩාත්ම සඵලදායක කණ්ඩායම වන්නේ, ඔවුන් ක්‍රීඩා කර ඇති එදිජා තරග 483 අතුරින් තරග 300 ක් (64.36%) ජයග්රශණය කොට ඇති දකුණු අප්‍රිකාව වෙයි. මීට හාත්පසින්ම විරුද්ධ වශයෙන්, එක් එදිජා තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට කණ්ඩායම් සතරක් විසින් අසමත් වී ඇත: නැගෙනහිර අප්‍රිකාව, හොංකොං, නැමිබියාව සහ, ඇඑජ වෙති. [6] සංගණ්‍ය එදිජා වාර්තා අතර, දිගුම ජයග්‍රහණ අනුක්‍රමය (ඕස්ට්‍රේලියාව, 21), දිගුම පරාජය ලැබීම අනුක්‍රමය (බංග්ලාදේශය, 23), වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාව (රොහිත් ශර්මා, 264), හොඳම පන්දු යැවීමේ සටහන (චමින්ද වාස්, 8–19), ඕවරයක් තුල වැඩිම ලකුණු සංඛ්‍යාව (හර්ෂල් ගිබ්ස්, 36) සහ වේගවත්ම ශතකය (ඒබී ඩි විලියර්ස්, පන්දු 31) දැකිය හැක [7]).
රටවල් විසින් ඔවුන් ක්‍රීඩා කරන එදිජා තරග සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමේ ප්‍රවණතාවය වෙතින් සිදුවී ඇත්තේ, රාශිභූත ලැයිස්තුවන්හී ප්‍රමුඛතාවය ගැවීමට නූතන ක්‍රීඩකයන්ට හැකි වීම වෙයි. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් විසින්, මුළු ලකුණු 18,426 සහිතව, එදිජා තරග වලදී වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කර ඇත. ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් විසින්, මුළු කඩුළු 534 සහිතව, එදිජා තරග වලදී වැඩිම කඩුළු-දවන්නා බවට පත්ව සිටියි. කඩුළු-රකින්නෙකු විසින් සිදු කල වැඩිම දවා ගැනීම් සඳහා වාර්තාව දරන්නේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර විසින් වන අතර පන්දු රකින්නෙකු විසින් ලබා ඇති වැඩිම උඩ පන්දු පිළිබඳ වාර්තාව සතු වන්නේ ශ්‍රී ලාංකික මහේල ජයවර්ධන වෙතය.