උල්කා වර්ෂාව

From Wikipedia, the free encyclopedia

උල්කා වර්ෂාවක් යනු රාත්‍රී අහසේ එක් ස්ථානයකින් හටගන්නා සේ පෙනෙන ඇදහැලෙන උල්කා ගණනාවක් නිරීක්ෂණය කර හැකි මොහොතකි. මෙම උල්කා වර්ෂාවක් ඇති වන්නේ එක්වර පෘථිවි වායු ගෝලය වෙත සමාන්තර පථ ඔස්සේ අධික වේගයෙන් ඇතුල්වන උල්කාෂ්ම (ආන්තරීක්ෂ අපද්‍රව්‍ය) විශාල ප්‍රමාණයක් නිසාය. මෙම ආන්තරීක්ෂ අපද්‍රව්‍ය යනු කලින් කලට අභ්‍යවකාශය හරහා ගමන් කරන ධූමකේතු ගමන් කිරීමේදී ඉතිරි කර දමා යන කොටස් ද අභ්‍යවකාශයේ සැරිසරන වෙනත් ග්‍රහක කැබැලි වැනි ද්‍රව්‍ය ද වේ. අභ්‍යවකාශයේ නිශ්චිත ප්‍රදේශවල රැඳී ඇති මෙම ආන්තරීක්ෂ අපද්‍රව්‍ය පෘථිවියේ පරිභ්‍රමණය හේතුවෙන් පෘථිවිය හා හමුවේ. එසේ හමුවන කැබැලි පෘථිවි වායුගෝලය තුලට ඇතුළුව ගුරුත්වාකර්ෂණය හේතුවෙන් පොළොව වෙත ඇද ගැනීමේදී වායුගෝලය හා ගැටේ. මෙම ගැටීමේදී අධික ඝර්ෂණයක් ඇතිවන අතර මෙම ඝර්ෂණය හේතුවෙන් එම කැබලි දැවී විනාශ වේ. උල්කා වර්ෂා යනු මෙම දැවෙන ආලෝකයන් පොළොව වෙත දර්ශනය වීමයි. බොහොමයක් උල්කා ප්‍රමාණයෙන් වැලි කැටයකට වඩා කුඩා වන බැවින් එසේ වායුගෝලය වෙත ඇතුළු වන සෑම උල්කාෂ්මයක්ම පාහේ පොළොව වෙත ළඟා වීමට පෙර අධික වායුගෝලීය ඝර්ෂණය හේතුවෙන් දැවී අවසන් වී යයි. සාමාන්‍ය අවස්ථාවලින් බැහැරව පැයකට උල්කා දහසක් පමණ පතිත වන උල්කා වැසි ද මේ අතර ඇතිවීමට ඉඩ ඇත.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.