උපත් පාලන කොපු
From Wikipedia, the free encyclopedia
උපත් පාලන කොපු යනු ලිංගික සංසර්ගය යේ දී මෝචනය වන ශුක්‍රාණු ස්ත්‍රියගේ යොනි මාර්ගයට ඇතුල් වීම වළක්වා ලීම මගින් අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වාලීමට හා ලිංගිකව සම්ප්රේශනයවන රෝග කාරක වෛරස පැතිරීම වළක්වා ලීමටත් යොදා ගන්නා රබර් ඇසුරෙන් සාදා ගන්නා ආවරණයකි.මෙම උපත් පාලන කොපු පැළදීම මගින් බොහෝ ලිංගිකව සම්ප්රේනය රෝග වලින් ආරක්ෂා විය හැකිය.මෙම කොපු ජල පරිවාරකයක් ලෙස ක්‍රියාකරයි.
උපත් පාලන ක්‍රමය | Barrier |
---|---|
First use | පුරාතන රබර්: 1855 ලැටෙක්ස්: 1920 පොලියුරෙතේන්: 1994 |
Perfect use | 2% |
Typical use | 10–18% |
User reminders | Latex condoms damaged by oil-based lubricants |
STD protection | Yes |
Benefits | No medications or clinic visits required |
නූතනයේ දී උපත්පාලන කොපු රබර් ආශ්‍රීත අමු ද්‍රව්‍ය මගින් නිපදවයි. පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටද භාවිත කලහැකි උපත් පාලන කොපු පවතී බොහෝවිට මේවා පොලියුරෙතේන්වලින් නිර්මාණය කෙරේ. නම් මූලද්‍රව්‍ය ඇසුරින් නිපදවයි මෙමගින් අනව්‍ය ගැබ් ගැනීම් වැළැක්වීම හා ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග රැසකින් ආරක්ෂාවිය හැක[1][2] නිවැරදි ආකාරයෙන් පැළදූ උපත් පාලන කොපුවත් සහිතව ලිංගික සංසර්ගයේ යෙදීමේ දී ගැබ්ගැනීමක් සිදුවීමේ සම්භාවිතාවඉතා අඩුය.[3]
උපත් පාලන කොපු භාවිතයේ ඉතිහාසය වසර 400 දක්වා ඈතට දිවයයි.[4] 19 වන සියවසයේ සිට මෙය ගැබ්ගැනීම් වළක්වන ක්‍රමයක් ලෙස ප්‍රචලිතය.[5] නමුත් වර්තමානයේ උපත් පාලන කොපු භාවිතය පිළිබද විවිධ මතභේද පවතී ඇතැම් ආගමික කණ්ඩායම් මෙහිදී ප්‍රධානය.