උතුරු කොරියාවේ රාජ්‍ය කටයුතු කොමිසම
From Wikipedia, the free encyclopedia
කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන ජනරජයේ රාජ්‍ය කටයුතු කොමිසම ව්‍යවස්ථානුකූලව උතුරු කොරියාවේ ඉහලම දේශපාලන අධිකාරිය වේ. [1] 2016 දී උතුරු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද සංශෝධන මගින් රාජ්‍ය කටයුතු කොමිසම නිර්මාණය කරනලදී. ඒ මීට පෙර හමුදා ආධිපත්‍යය දැරූ ජාතික ආරක්ෂක කොමිසම වෙනුවට ය.
Quick Facts Agency overview, Formed ...
Close
කොමිසමේ ප්‍රධානියා වන්නේ රාජ්‍ය කටයුතු කොමිෂන් සභාවේ සභාපතිවරයා වන අතර, සාමාන්‍යයෙන් නිල (උතුරු) කොරියානු භාෂාවෙන් "රාජ්‍ය කටයුතු පිළිබඳ සභාපති" හඳුන්වන අතර, ඔහු ජාතියේ රාජ්‍ය නායකයා සහ උත්තරීතර නායකයා ලෙස අර්ථ දැක්වේ. [1]
වත්මන් සභාපතිවරයා කිම් ජොන් උන් ය. පළමු උප සභාපතිවරයා වන්නේ උත්තරීතර මහජන සභාවේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා ද වන චෝ රියොං-හේ ය.