ඉස්ලාමය සහ ප්රචණ්ඩත්වය
From Wikipedia, the free encyclopedia
ඉස්ලාමය යනු පරිපූර්ණ ජීවන පද්ධතියකි. එනම් එය අනෙකුත් බොහෝ ආගම් මෙන් ආධ්‍යාත්මික මතවාද පමණක් ඉදිරිපත් කිරීමෙන් වැළකී රාජ්‍යය පාලනය, මානව හිමිකම්, අපරාධ, පවුල් කටයුතු, ගනුදෙනු වැනි සෑම අංශයක් ම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමය දක්වා ඇත. ඒ හුදු අනුශාසනාවක් වශයෙන් නොව නීතිය වශයෙනි. එම නීතිය ම අනුගමනය කරන ලෙස ඔවුන්ට අණ කර තිබේ. එම නීති කඩකිරීම ආගමික වශයෙන් පවක් ලෙස සැලකෙන අතර ඇතැම් වැරදි සදහා මෙලොව දී ලබා දිය යුතු දඩුවම් ද නියම කර ඇත.
මෙසේ කුරානයේ ඇති වැකි සහ නබිතුමාගේ කියමන් හා ක්‍රියාවන් මත පදනම් ව ඊට සපයන අර්ථ නිරූපණ හරහා බිහිකරගන්නා චර්යා ධර්ම පද්ධතිය ඉස්ලාමීය නීතිය (ෆික්) වේ. විවිධ ඉස්ලාමීය නිකායන් හා නීති විද්වතුන්ගේ අර්ථ නිරූපණය හේතුවෙන් මෙය සුලු වශයෙන් වෙනස් වන තැන් ද ඇත. මෙසේ විවිධ වීම හේතුවෙන් නීති ගුරුකුල (මද්හබ්) ද බිහි වී තිබේ. බහුතරයක් මුස්ලිම්වරු අයත් වන සුන්නි නිකායේ ෂාෆි ඉ, මාලිකි, හන්බලි, හනෆි ලෙස මෙවැනි ගුරුකුල හතරක් පවතින අතර සුලුතර මුස්ලිම්වරු වන ෂියා මුස්ලිම්වරුන්ගේ ජෆාරි ලෙසත් පවතින ගුරුකුල ඉන් ප්‍රධාන ය.
සම්භාව්‍ය ඉස්ලාමීය නීතිය තුළ ප්රචණ්ඩත්වය යොදාගැනීම පිළිගත් අවස්ථා කීපයක් ම හදුනා ගත හැකි අතර ජාත්‍යයන්තර ව පිළිගත් මානව හිමිකම් කඩවීමට ඉඩ සැලසීම තුළ මේ ප්‍රතිපාදන දැඩි විවේචනයට ද ලක් ව තිබේ. පවුල තුළ ගෘහස්ත හිංසනයට අනුබල දෙන ඇතැම් ප්‍රතිපාදන, ඉස්ලාම් නීතියේ ඇති ඇතැම් අසාධාරණ අපරාධ වැරදි සදහා ලබාදෙන දඩුවම්, ඉස්ලාමීය නීතියේ ඇතැම් ප්‍රතිපාදන නිසා ඇතිවන අමානුෂික තත්ත්වයන් සහ යුද්ධෝපදේශ (සටන් කළ යුතු අය, කළ යුතු ආකාරය, කළ යුතු අවස්ථා) මේ යටතට ගැනේ. සැමියාට බිරිද ව කායික ව හික්මවීමට ඇති අවසරය, ආගම හැරයන්නන්ට මරණ දඩුවම ලබාදීම, විවාහකයන් අතර අනාචාරය සදහා ගල්ගසා මැරීම, සමලිංගිකයන් මරාදැමීමට සහ සිරගතකිරීමට අණදෙන ප්‍රතිපාදන, හිමිකරුවන් විසින් යුද්ධයේ දි අල්ලාගත් (වහල්) කාන්තාවන් දූෂණය කිරීම නීත්‍යානුකූල වීම, ඇසින් දුටු සාක්කිකරුවන් හතර දෙනෙක් සැපයීමට අසමත් වීම මත ස්ත්‍රී දූෂණයකට ලක් වූ අය පවා අනාචාරය වරදට මරණ දඩුවමට හෝ කසපහරට ලක්වීම වැනි තත්ත්වයන් සහ ඊට තුඩුදෙන ප්‍රතිපාදන නිදසුන් ලෙස දැක්විය හැකි ය.