ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය
From Wikipedia, the free encyclopedia
website iplt20.com ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය යනු ඉන්දියාවේ නගර නියෝජනය කරන කණ්ඩායම් 10 ක් අතර සෑම වසරකම අප්‍රේල් සිට මැයි දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියකි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තරගාවලිය ආරම්භ කරන ලද අතර එය හිටපු කොමසාරිස් ලලිත් මෝදිගේ සංකල්පයකි.[1] අයිපීඑල් ලෝකයේ වැඩිම ක්‍රීඩකයන් පිරිසක් සහභාගී වූ ක්‍රිකට් ලීග් තරගාවලිය වන අතර, 2014 වසරේදී ක්‍රිකට් ලීග් තරගාවලි අතරින් හයවන ස්ථානයට පත් විය.[2] අයිපීඑල් යූටියුබ් ඔස්සේ සජීවීව විකාශය වන ලොව ප්‍රථම ක්‍රීඩා උළෙල බවට පත්විය.[3][4]
IPL හි සන්නාම වටිනාකම 2017 දී ඇමරිකානු ඩොලර් බිලියන 5.3 ක් විය.[5] ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුව 2015 IPL තරගාවලියේ පමණක් සන්නාම වටිනාකම ₹ බිලියන 11.5 ක් විය.[6]
වත්මන් අයිපීඑල් ශූරයන් වන්නේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමයි. ඔවුන් 2023 තරගාවලිය ජයග්‍රහණය කරන ලදි.[7] සාර්ථකම පිතිකරු විරාත් කෝලි වන අතර සාර්ථකම පන්දු යවන්නා ඩී.ජේ. බ්රාවෝ ය.