කාබනික රසායන විද්‍යාවෙහි, ඇරෝමැටිකතාව යන පදය භාවිතා කරනු ලබන්නේ, එම පරමාණු ගොන්නම වෙනත් ජ්‍යාමිතික හෝ සම්බන්ධතා ආකාරයකට සකස් කලේ නම් එවැන්නක ස්ථායිතාවයට වඩා වැඩි ස්ථායිතාවයක් ලබා දෙන්නාවූ සම්ප්‍රයුක්තතා බන්ධන වළයක්ද සහිත චක්‍රීය (වළලු-හැඩැති), තලයාකාර (පැතැලි) අණුවක් සඳහාය. ඇරෝමැටික අණු ඉතාමත් ස්ථායි වන අතර, අනෙකුත් ද්‍රව්‍ය හා සමගින් ප්‍රතික්‍රියා කිරීම සඳහා පහසුවෙන් විඛණ්ඩනය නොවෙයි. ඇරෝමැටික නොවන කාබනික සංයෝග වර්ගීකරණය කෙරෙන්නේ ඇලිපැටික සංයෝග ලෙසිනි—ඒවා ඇලිචක්‍රීය විය හැකි මුත්, විශේෂ ස්ථායිතාවය (අව ප්‍රතික්‍රියතාව) දක්වන්නේ ඇරෝමැටික වළයන් පමණි.

Thumb
බෙන්සින් හී වෙනස් සම්ප්‍රයුක්තතා ආකාර දෙකක් (ඉහළ) එක් කිරීමෙන් පොදු ආකෘතියක් තැනෙයි (පශළ)

ඇරෝමැටික සංයෝගයන් අතුරින් බහුලතමයක් බෙන්සින් ( පෙට්‍රෝලියම් සහ එහි ආසූතයන් තුල බහුල ලෙසින් හමුවන ඇරෝමැටික හයිඩ්‍රෝකාබනයකි) වල ව්‍යුත්පන්න වන බැවින්, ඇතැම්විට අරෝමැටික යන පදය වෙතින් අනුපචාරාත්මක ලෙසින් හැඳින්වෙන්නේ බෙන්සින් ව්‍යුත්පන්න වන අතර ආදිතම අර්ථදැක්වීම වෙතින්ද එසේ අදහස්ව ඇත. කෙසේවෙතත්, බෙන්සින්-නොවන ඇරෝමැටික සංයෝග බොහොමයක් පවතියි. ජීවීන් තුල, නිදසුනක් වශයෙන්, වඩාත් බහුල ඇරෝමැටික වළයන් වන්නේ ආර්එන්ඒ සහ ඩීඑන්ඒ සඳහා වන ද්විත්ව-වළයාකාර පාදකයන් වෙති. ඇරෝමැටික් ක්‍රියාකාරී කාණ්ඩයක් හෝ වෙනත් ආදේශකයක් හැඳින්වෙන්නේ ඇරිල් කාණ්ඩයක් ලෙසිනි.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.