ඇමෙරිකානු චිත්‍රපට වර්ගීකරණය
From Wikipedia, the free encyclopedia
ඇමෙරිකානු සලරූ සංගමයේ චිත්‍රපට වර්ගීකරණ පද්ධතිය භාවිතයට ගැනෙන්නේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ සහ ඊට අයත්වන අනෙකුත් භූමි ප්‍රදේශවල තිරගත වනු ලබන චිත්‍රපට වල තේමාව හා අන්තර්ගතය නිශ්චිත වයස් කණ්ඩායම් හට යෝග්‍ය බව දැනුම් දීම සඳහාය. MPAA වර්ගීකරණය ලෙස හඳුන්වනු ලබන මෙය අදාල වන්නේ වර්ගීකරණය කිරීමට යොමු කරනු ලබන චිත්‍රපට සඳහා පමණි. MPAA වර්ගීකරණය නීතියෙන් අනිවාර්යය කර නොතිබුනත්; වර්ගීකරණය නොකර ප්‍රදර්ශණය කල හැකි වූවත්, බොහෝ සිනමා ශාලා වර්ගීකරණය නොකල හෝ X-වර්ගීකරණය ලැබූ චිත්‍රපට ප්‍රතික්ෂේප කරනු ලබයි. MPAA හි සාමාජිකයින් නොවූවත් වර්ගීකරණය සඳහා චිත්‍රපට යොමුකල හැක.[1] තම දරුවන් හට සුදුසු චිත්‍රපට තේරීමේදී දෙමාපියන් හට උදව් වන විවිධ චිත්‍රපට වර්ගීකරණ අතරට MPAA වර්ගීකරණයත් අයත් වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ වඩා දෙමාපියන් අතර වඩා ජනප්‍රියත්වයට පත්ව ඇති MPAA වර්ගීකරණ සැකැස්ම හට ප්‍රකාශන හිමිකම ලබා තිබීම නිසා අනෙකුත් සංවිධාන වලට එම සලකුණු භාවිත කල නොහැක. MPAA වර්ගීකරණය එහි තීරණ වල රහස්‍ය භාවය ගැන සහ නොගැලපීම් ගැනද විවේචනයට බඳුන්ව ඇත.[2]
MPAA හි වර්ගීකරණ සැකසුම පාලනය කරනු ලබන්නේ රාජ්‍ය ආයතනයක් නොවන Classification & Ratings Administration මඟිනි. මුල් කාලීනව සංස්ථාපිත විශ්ලේෂකයින් කණ්ඩායමක් විසින් චිත්‍රපටය ප්‍රදර්ශණය වූවාට පසුව පාරිභෝගික යෝජනාවක් ලෙස නිකුත් වූ අතර සිනමා ශාලා අයිතිකරුවන් ස්වෙච්චාවෙන්ම MPAA මඟින් දෙනු ලබන වර්ගීකරණයකට එකඟ වීමත් සමඟ ඔවුන්ගේ කාර්යය නව නිකුත් වීම සඳහාද බලපැවැත්විය.
චිත්‍රපට බොහෝ විට විවිධ ප්‍රභේද හා විවිධ වර්ගීකරණ යටතේ නිකුත් වේ. සමහර ප්‍රභේද සිනමා ශාලා වල පාඩු ලැබූවද සමහර විටෙක ගෘහස්ථ පාවිච්චියේදී සාර්ථකත්වයක් ලැබෙනු ඇත. (පහල දක්වා ඇති "NC-17 වර්ගීකරණයේ ආර්ථිකමය හැකියාව" ජේදය බලන්න).