ඇමීටරය
From Wikipedia, the free encyclopedia
ඇමීටරය (ඇම්පියර් මීටරය සිට) යනු ධාරාව මැනීම සඳහා භාවිතා කරන මිනුම් උපකරණය වේ. විදුලි ධාරාවව ඇම්පියර් (A) ඒකකයෙන් මනිනු ලැබේ. කුඩා ධාරා මැනීම සඳහා එය මිලිඇම්පියර් හෝ මයික්රෝඇම්පියර් පරාසය තුළ පිළිවෙලින් මිලිඇමීටරය හෝ මයික්රෝඇමීටරය ලෙස නම් කර ඇත. මුල් කාලයේ භාවිතා කර ඇමීටර පෘථිවි චුම්භක ක්ෂේත්රය මත රඳා පවතින පරීක්ෂණාගාර උපකරණ වූහ. 19 වන සියවසේ අගභාගය වන විට, මෙම උපකරණ ඕනෑම තත්ත්වයකට ගැලපෙන ලෙස සහ විදුලි බල පද්ධතිවල නිවැරදි මිනුම් ලබා ගතහැකි පරිදි නිර්මාණය කරන ලදී.