ඇපලෝ 8
From Wikipedia, the free encyclopedia
ඇපලෝ 8 යනු පහළ පෘථිවි කක්ෂයෙන් ඉවතට ගමන් කළ ප්‍රථම මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගමන විය. එමෙන්ම පෘථිවිය හැර වෙනත් අභ්‍යාවකාශ වස්තුවකට (චන්ද්‍රයාට) ළඟා වූ ප්‍රථම මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගමන එය විය. එහි ත්‍රිපුද්ගල කණ්ඩායමෙහි වූ කමාන්ඩර් ෆෑන්ක් බොර්මන් විධාන මොඩියුලයේ නියමු ජේම්ස් ලොවෙල් හා චන්ද්‍ර මොඩියුලයේ නියමු විලියම් ඇන්ඩර්ස් සඳෙහි නොපෙනෙන පෙදෙස දැක ගත් ප්‍රථම මිනිසුන් තිදෙනා වුහ. මෙම මෙහෙයුමට සැටර්න් 5 රොකට්ටුවේ මිනිසුන් සහිත ප්‍රථම පිටත්වීම ඇතුළත් වූ අතර මෙය ඇපලෝ වැඩසටහනේ මිනිසුන් සහිත දෙවන මෙහෙයුම විය.
ඇපලෝ 8 | |||||
---|---|---|---|---|---|
මෙහෙයුම් සලකුන | |||||
මෙහෙයුම් දත්ත | |||||
මෙහෙයුමේ නම | ඇපලෝ 8 | ||||
අණදීමේ ඒකකය | CM-103 mass 12,392 kg (27,320 රාත්) | ||||
සේවා ඒකකය | SM-103 mass 51,258 kg (113,005 රාත්) | ||||
චන්ද්‍ර යානය | Ballast: LM Test Article B 19,900 kg (43,900 රාත්) | ||||
ගගනගාමීන් ගණන | 3 | ||||
සංඥා නාමය | Apollo 8 | ||||
විදිනය | සැටර්න් V (SA-503) | ||||
ගුවන්ගතකිරීමේ පීඨිකාව | LC 39A Kennedy Space Center Florida, USA | ||||
ගුවන්ගතකල දිනය | 12:51:00, 21 දෙසැම්බර් 1968 (UTC) (1968-12-21T12:51:00Z) | ||||
සඳ වටා කක්ෂීය චලිත ගනන | 10 | ||||
සම්පූර්ණ අණදීමේ/සේවා ඒකක සඳ වටා කක්ෂයෙහි ගතකල කාලය | 20 h 10 m 13 s | ||||
ගොඩබැසීම | 15:51:42, 27 දෙසැම්බර් 1968 (UTC) (1968-12-27T15:51:42Z) North Pacific Ocean 8°6′N 165°1′W | ||||
මෙහෙයුම් කාලය | 6 d 03 h 00 m 42 s | ||||
ගගනගාමීන්ගේ ඡායාරූපය | |||||
Left to right: ලොවෙල්, ඇන්ඩ්‍රෙස්, බොර්මෙන් | |||||
ආශ්රිත මෙහෙයුම් | |||||
|
මුල්වරට අඩු පහත් පෘථිවි කක්ෂයක චන්ද්‍ර මොඩියුල හා විධාන මොඩියුල පරීක්ෂණයක් ලෙස ඇරඹි මෙම මෙහෙයුම 1968 අගොස්තු මස දී චන්ද්‍ර ගමනක් දක්වා දික්විය. එයට හේතුව වූයේ ගමන සඳහා සැලසුම් කර තිබූ චන්ද්‍ර මොඩියුලය පමා වීමයි. නව මෙහෙයුම් කාලසටහන,ක්‍රියාවලි හා පුද්ගල අවශ්‍යතා, පුහුණුවීම් හා සුදානම්වීම සඳහා ඉතිරි වුයේ අසාමාන්‍ය ලෙස ඉතා කුඩා කාලයක් පමණි.
1968 දෙසැම්බර් මස 21 ක් වන දින ගුවන් ගත කිරීමෙන් පසු චන්ද්‍රයා කරා ගමන් කිරීමට ඔවුන්ට දින තුනක් ගත විය. ඔවුන් පැය 20 ක් පුරා දස වාරයක් කක්ෂයේ ගමන් කළ අතර ඒ අතර තුර ඔවුන් උත්පත්ති කථාව (Book of Genesis) කියවා ඇති පරිදි නත්තල් සැඳෑ රූපවාහිනියේ විකාශනයක්ද සිදු කරන ලදී. එම කාලය වන විට එම විකාශනය වැඩිම පිරිසක් නැරඹූ රූපවාහිනී වැඩසටහන වේ. ඇපලෝ 8 හි සාර්ථක මෙහෙයුම මගින් ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ (අදාළ දශකය ඉවර වීමට පෙර)මිනිසෙකු සඳමතට ගොඩ බැස්සවීමේ සිහිනය සැබෑකළ ඇපලෝ 11 මෙහෙයුමට මග පාදන ලදී.