ඇපලෝ වැඩසටහන
From Wikipedia, the free encyclopedia
ඇපලෝ වැඩසටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත චන්ද්‍ර ගමන් ඇති කිරීමේ අරමුණ මත නාසා මගින් අරඹන ලදී. එය මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනකි. ජනාධිපති ජෝන් එෆ් කෙනඩි විසින් මෙම අරමුණ 1961 දී ප්‍රකාශයට පත් කළ අතර එය 1969 ජුලි 20 වන දා නිල් ආම්ස්ට්‍රෝන් හා බස් ඔල්ඩ්රින් විසින් ඇපලෝ 11 මෙහෙයුම අතරතුරදී ඉටු කරන ලදී. වෙනත් ඇපලෝ මෙහෙයුම් 5 ක් විසින්ද ගගනගාමීන් චන්ද්‍රයා මතට ගොඩ බස්සශ ගමන්වලටද තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය වැනි බොහෝමයක් අංශවල දියුණුවට හේතු වේ. මේවාට ගුවන් තාක්ෂණයේ භාවිතා වන ශිල්ප ක්‍රම විදුලි සන්දේශ හා පරිගණක ආදී ක්ෂේත්‍ර පුළුල් ලෙස ඇතුළත් වේ. මෙම වැඩසටහන ඉංජිනේරු ශිල්පයේ විවිධ ක්ෂේත්‍ර සඳහා පුද්ගලයන් උනන්දු කිරීමට හේතු විය. ඒවාට සංරචක කොටස්වලින් සෑදුණු සංකීර්ණ පද්ධතිවල පැවැත්ම අධ්‍යයනය කිරීමට සංඛ්‍යානමය ක්‍රම භාවිතා කිරීම ප්‍රගුණ කිරීම ආදිය ද ඇතුළත් වේ. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනේ අත්‍යවශ්‍ය උපාංගය වූ භෞතික පහසුකම් හා උපකරණ සිවිල්, යාන්ත්‍රික හා විද්‍යුත් ඉන්ජිනේරු ශිල්පවල වැදගත් සංධිස්ථාන ලෙස පවතී.
රට | United States |
---|---|
සංවිධානය | NASA |
අරමුණ | Manned lunar landing |
තත්ත්වය | completed |
ඉතිහාසය | |
වියදම | $25.4 billion (1973)[1] |
කාලසීමාව | 1961–1972 |
පළමු පියාසැරිය | AS-201, February 26, 1966 |
පළමු මිනිසුන් සහිත පියාසැරිය | Apollo 7, October 11–22, 1968 |
අවසාන පියාසැරිය | Apollo 17, December 7–19, 1972 |
සාර්ථකත්වයන් | 16 |
අසාර්ථකත්වයන් | 2: Apollo 1, Apollo 13 |
අර්ධ අසාර්ථකත්වයන් | 1: Apollo 6 |
දියත් කිරීමේ අඩවි(ය) |
|
යානයේ තොරතුරු | |
යානා වර්ගය | Capsule |
මිනිසුන් සහිත යානා |
|
කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන | 3 |
දියත් කිරීමේ යානා(ව) |
|
වැඩ සටහනෙහි වූ බොහෝමයක් වස්තු හා මෙවලම් ලොවපුරා විවිධ ස්ථානවලදී දැක ගත හැක. ස්මිත් සොනියන්ගේ ගගන හා අභ්‍යවකාශ කෞතුකාගාර මේවා අතරින් විශේෂ වේ.