![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/15/Red_Apple.jpg/640px-Red_Apple.jpg&w=640&q=50)
ඇපල්
From Wikipedia, the free encyclopedia
ඇපල් යනු ඇපල් ගසේ ආඵලීන පළතුර වන අතර, එය රෝස පවුලේ(Rosaceae) Malus domestica නම් කුළයට අයත් වේ. මෙය ඉතා බහුල වශයෙන් වගා කරනු ලබන පළතුරු ගස් වලින් එකක් වන අතර මිනිසුන් විසින් භාවිතා කරන genus Malus වර්ගයේ සාමාජිකයන්ගෙන් බහුල වශයෙන්ම පතළ පළතුරයි. ඇපල් කුඩා පතනශීල ගස් වල වැඩේ. ඇපල් ගස පැවත එනු ලැබෙන්නේ මධ්‍යම ආසියාවෙන් වන අතර අදටත් එහි වනගත මුතුන්මිත්තන් වන “Malus sieversii” දක්නට ලැබේ. ඇපල් ගස් වර්ෂ දහස් ගණනක් තිස්සේ ආසියාවේ සහ යුරෝපයේ වර්ධනය වූ අතර යුරෝපියානු ජනපදිකයන් විසින් එය උතුරු ඇමරිකාවට ගෙන එන ලදි. ඇපල් ක්‍රිස්තියානු සම්ප්රදායේ, ග්‍රීක සහ නෝවේනියානු භාෂාව ඇතුළත්ව බොහෝ සම්ප්රදායන්හි ආගම් වල සහ මිත්‍යා වල දක්නට ලැබේ. වර්ෂ 2010 දී ඇපල් පළතුරෙහි ප්‍රවේණික තොරතුරු, රෝග පාලනය සහ ඇපල් නිෂ්පාදනයේ වරණ අභිජනනය සම්බන්ධ වූ නව සම්මතයකට ගෙන එමින් විකේත කරන ලදි.
ඇපල් | |
---|---|
![]() | |
ප්‍රකෘති ඇපල් ගෙඩියක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiosperms |
(unranked): | Eudicots |
(unranked): | Rosids |
ගෝත්‍රය: | Rosales |
කුලය: | Rosaceae |
උපකුලය: | Maloideae හෝ Spiraeoideae |
Tribe: | Maleae |
ගණය: | 'Malus' |
විශේෂය: | M. domestica |
ද්වීපද නාමය | |
Malus domestica Borkh., 1803 | |
අභිමත ආවේණික ලක්ෂණ වල පරාසයක් ඇති කරමින් දැනට 7500 ට වඩා හඳුනා ගත් ඇපල් වගාවන් දක්නට ලැබේ. වෙනස් වගාවන් විවිධ රස වලින් යුත් ඇපල් වගා කරන අතර ඒවා අමුවෙන් ආහාරයට ගැනීමට, ආහාර පිසිමට සහ සයිඩර් නිෂ්පාදනයට භාවිතා කරයි. සාමාන්‍යයෙන් ගෘහස්ථ ඇපල් ව්‍යාප්තිය ශාඛා බද්ධයන් මඟින් සිදු කරන නමුත් කැලෑ ඇපල් ඉතා පහසුවෙන් බීජ මඟින් ව්‍යාප්ත වේ. ඇපල් ගස් සාමාන්‍යයෙන් කාබනික සහ අකාබනික උපක්‍රම වලින් පාලනය කළ හැකි දිලීර, බැක්ටීරියා සහ වසංගත ප්‍රශ්න වලට නැඹුරුවක් දක්වයි.
වර්ෂ 2010 දී ඇපල් ටොන් මිලියන 69 ක් පමණ ලෝකය පුරා ඵල දැරූ අතර එයින් භාගයක් පමණම චීනයේ නිෂ්පාදනය කරන ලදි. දෙවනියට වැඩිම නිෂ්පාදනයක් දක්නට ලැබෙන්නේ ඇමරිකාවේ වන අතර එය ලෝක නිෂ්පාදනයෙන් 6% කට වඩා වැඩි වේ. තූර්කිය තෙවන ස්ථානයද ඉන් පසුව පිළිවලින් ඉතාලිය, ඉන්දියාව සහ පෝලන්තය නිෂ්පාදනයේ ඉදිරියෙන් සිටියි. ඇපල් සාමාන්‍යයෙන් අමුවෙන් ආහාරයට ගන්නා නමුත් බීම සහ විශේෂයෙන් අතුරුපස වැනි සකස් කරන ලද ආහාර වලද දක්නට ලැබේ. ඇපල් ආහාරයට ගැනීමෙන් බොහෝ සෞඛ්‍යයට හිතකර ප්‍රතිඵල ඇති කරන අතර කෙසේ නමුත් පළතුරේ ඇති විවිධ ප්‍රෝටීන හේතු කරගෙන ඇති වන ආකාර දෙකක අසාත්මිකතා සොයාගෙන ඇත.