ඔහුගේ ජීවිතයෙහි කෙලවර ලං වත්ම, ඇඩොල්ෆ් හිට්ලර් (1889–1945) නිර්මාංස ආහාර වේලක් වැලඳීය. මෙම පිළිවෙත, ඔහු විසින් ප්‍රතිග්‍රහණය කලේ කුමන කාල වකවානුවකද යන්න පැහැදිලි නොවන්නේ, දෙවන ලෝක යුද්ධයට පෙර ඔහුගේ ආහාර වැලඳීමෙහි පුරුදු වෙතින් පෙන්නුම් කලේ 1937 තරම් මෑතදී පවා ඔහු විසින් මාංශ පරිභෝජනය කල බව හෙයිනි. 1938 වන විට නිර්මාංශකයෙක් වශයෙන් හිට්ලර්ගේ පොදු ජන ප්‍රතිමූර්තිය පිළිගැනුනු අතර, 1942 සිට නිර්මිංශකයෙක් වශයෙන් ඔහු ස්වයං-හැඳින්වීය. හිට්ලර් ආශ්‍රය කල සහ ඔහුගේ ආහාර පරිභෝජන රටාව පිළිබඳ අවබෝධයක් තිබූ ජනයාගේ පුද්ගලික වාර්තා පෙන්නුම් කලේ මෙම කාල සීමාව තුලදී ඔහු විසින් ආහාර වේලෙහි කොටසක් වශයෙන් මාංශ පරිභෝජනය නොකල බවත්, සමකාලීන සාක්ෂි දරන්නන් කිහිප දෙනෙකු පරිදී — ඇල්බට් ෂ්පියර් ( ඉන්සයිඩ් ද තර්ඩ් රයික් නම් ඔහුගේ මතක සටහන් තුල ) වැනි— රාත්‍රී කෑම මේසයෙහිදී හිට්ලර් විසින් ඔහුගේ සහායකයන් විසින් මාංශ ආහාරයට ගැනුම නොකිරීමට කැමති කරවා ගන්නා පිණිස සතුන් විසින් ඝාතනයෙහිදී අත්විඳනා ගැහැට පිළිබඳ බිහිසුණු විස්තර සිදුකිරීම පුරුද්දක් වශයෙන් කල බවත් පෙනෙයි. 2017 වසරෙහිදී හිට්ලර්ගේ අවශේෂ පරික්ෂා කල ප්‍රංශ විද්‍යාඥයන්ගේ වාර්තා පරිදී, හිට්ලර්ගේ දත් වල මැලියම් තුල මාංශ තන්තු අංශුමාත්‍ර නොවීය.

Thumb
ඇඩොල්ෆ් හිට්ලර් ඔහුගේ ජර්මන් ෂෙපර්ඩ් සුනඛයා බ්ලොන්ඩි සමග

සමහරක් වර්තමාන විශ්ලේෂණ විසින් අනුමාන කර දක්වන්නේ, රිචඩ් වැග්නර්ගේ ඉතිහාසමය සිද්ධාන්තයන් පරිදී, හිට්ලර්ගේ නිර්මාංශතාවය සමහරවිට සෞඛ්‍ය හේතූන් මත හෝ ඔහුගේ ලේලියගේ මරණය නිසා මානසික ප්‍රතිචාරයක් ලෙසින් සිදු වූවක් හෝ මිස, සත්ත්ව අභිවෘධිය වෙත කැපවීමක් නිසා වූවක් විය නොහැකි බවයි. මෙයට ප්‍රතිවිරුද්ධ වශයෙන්, ඇසින් දුටු මූලාශ්‍ර කිහිපයක් දක්වන්නේ, හිට්ලර් නිර්මාංශකයෙක් වූයේ සත්ත්ව දුක් විඳීම් පිළිබඳ ඔහු වෙත තිබූ හැඟීම් නිසා බවත්, සතුන්ට කෲර ලෙසින් සලකන සහ උන්ට දුක් සලසන අවස්ථා දැක්වෙන රූප දැකීමෙන් මහත් පීඩාවට පත් ඔහු ජෛව විච්‍‍ඡේදන විරෝධියෙකු බවත්ය.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.