ආකාශ ගංගාවරෝහණය (මහාබලිපුරම්)
From Wikipedia, the free encyclopedia
ආකාශ ගංගාවරෝහණය යනුවෙන් හඳුන්වන්නේ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ මහාබලිපුරම්හි පිහිටි ස්මාරකයකි. මෙය ඉන්දියාවේ තමිල් නාඩු ප්රාන්තයේ කාංචීපුරම් දිස්ත්රික්කයේ පිහිටා ඇත. අඩි 96 x අඩි 43 (29m x 13m) ප්රමාණයෙන් යුතු මෙය ඒකශිලාවන් දෙකක සීමාවේ නිර්මිත දැවැන්ත එළිමහන් ශෛලමය උන්නත කැටයමකි. මෙම අල්ප උන්නත කැටයම මගින් භගීරථගේ මූලිකත්වයෙන් පූජනීය ගංගා නදිය දෙව්ලොව සිට පෘථිවිය කරා අවරෝහණය වීම පිළිබඳ පුරාවෘත්තය නිරූපණය වේ. ගංගා නදියේ ජලය සතුව අද්භූත බලයක් ඇතැයි විශ්වාසයක් පවතියි. ආකාශ ගංගාවරෝහණය සහ අර්ජුනගේ තපස යන දර්ශන මෙම පල්ලව උරුම අඩවියෙහි නැටය්ම කොට ඇත.[1][2] මෙම කැටයම ඉන්දියාවේ අනෙක් ප්රදේශවල දක්නට නොලැබෙන විශිෂ්ටතම ශෛලම කලා නිර්මාණයක් ලෙස සැලකේ.[3] මෙය 1984දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කෙරුණු මහාබලිපුරම් ස්මාරක සමූහය අතුරින් එකකි.[4]
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
නිර්ණායකය | Cultural: i, ii, iii, vi |
මූලාශ්ර | 249 |
අභිලේඛනය | 1984 (8වන සැසිය) |