අහ්මෝස් ඉන්හාපි
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
අහ්මෝස්-ඉන්හැපි හෙවත් අහ්මෝස්-ඉන්හාපි (මැස්පරෝ විසින් අන්හාපෝව් ලෙස දක්වයි) යුනවේන හැඳින්වෙන්නේ ඊජිප්තුවේ පසුකාලීන 17වන රාජවංශයේ සහ මුල්කාලීන 18වන රාජවංශයේ විසූ කුමරියක මෙන්ම රැජිනකි.
අහ්මෝස් ඉන්හාපි රූපාක්ෂර වලින් | ||||||
---|---|---|---|---|---|---|
අහ්මෝස් ඉන්හාපි Jꜥḥ ms Jnḥꜥpj | ||||||
අහ්මෝස් හෙනුට්ටමෙහු සහ අහ්මෝස් ඉන්හාපි යැයි සිතිය හැකි රාජකීය ආර්යාවකගේ රුවක් |
ඇය පාරාවෝ සෙනඛ්ටෙන්රේගේ දියණියක යැයි සැලකේ. එසේම ඇය සෙකෙනෙන්රේ ටාඕ පාරාවෝවරයාගේත්, සහ ආහොටෙප් සහ සිට්ඩ්ජෙහුටි රැජිනියන්ගේ සොයුරිය ද වූවා ය. ඇය සෙකෙනෙන්රේ ටාඕ සමග විවාහ වන්නට ඇතැයි පැවසේ.[1][2] නමුත් ඇය Iවන අහ්මෝස්ගේ පසුකාලීන සමයේ (හෝ Iවන අමෙන්හොටෙප්ගේ සමයේ) පවා ජීවත්ව සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ.[3]
ඇයට අහ්මෝස්-හෙනුට්ටමෙහු යනුවෙන් දියණියක විය. අහ්මෝස් ඉන්හාපි පිළිබඳ ඇගේ දියණිය වූ අහ්මෝස්-හෙනුට්ටමෙහුගේ මළවුන්ගේ පුස්තකයේ පිටපතක සහ අමනෙම්හට්ගේ සොහොන්ගැබේ (TT53) සඳහන් වේ. ඇගේ පදවි නාමයන් අතර රජුගේ භාර්යාව" සහ "රජුගේ දියණිය" යන නාමයන් පැවතිණි.[2]
ඉන්හාපි වෙනුවෙන් ඉදිකළ සොහොන්ගැබ තීබ්සයේ පිහිටා තිබිණි. ඇගේ මමිය පසුකලෙක DB320 සොහොන්ගැබෙහි භූමදානය කෙරිණි. 1881දී එය සොයාගන්නා ලදුව, වර්තමානයේ කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.[2]
මෙම මමිය හමුවූයේ ඉන්හාපිගේ ලේලිය වූ අහ්මෝස්-නෙෆටාරි රැජිනගේ කිරිමව වූ රායි ආර්යාවගේ බාහිර මිනීපෙට්ටිය තුළ තිබී ය. 1886 ජූනි 26 දින ගැස්ටන් මැස්පරෝ විසින් එය විවෘත කළ අතර, පසුව ග්‍රැෆ්ටන් එලියට් ස්මිත් විසින් එය පරීක්ෂා කරන ලදී. ස්මිත් පවසා ඇත්තේ ඉන්හාපි දැවැන්ත, ශක්තිමත් කාන්තාවක වූ බවත්, ඇය ඇගේ සොයුරාට බෙහෙවින් සමානත්වයක් දැක්වූ බවත් ය.ස්මිත් පවසන්නේ ඇගේ භූමදානය Iවන අහ්මෝස්ගේ අවසන් දිනවල සිදුවූ බවයි. මෙම මමියේ ගෙල වටා මල් මාලාවක් පැවතිණි. දේහයේ දෑත් පසෙකින් පිහිටුවා තිබූ අතර, මමියේ සම තද දුඹුරු පැහැති විය. සමේ පිටත ස්තරය තවමත් පවතින අතර, එහි ලවණ භාවිතය පිළිබඳ කිසිදු සාධකයක් හමු නොවිණි. ඉන් හැඟවෙන්නේ මෙම මමිය හෙරඩෝටස්, ඩියඩෝරස් ආදීන් පැවසූ පරිදි නේට්රන් ද්‍රාවණයක ගිල්වා තබා නොමැති බවයි. සිරුරේ වම් පෙදෙසේ සිදුකළ කැපුමකින්, අවයව ඉවත් කොට ඇති අතර ඇතුළු කුහරය නේට්රන්වලින් පිරියම් කරන්නට ඇත. දේහයට ඇරෝමැටික දැව කුඩු තවරා ඇති අතර, රෙසිනයකින් පෙඟවූ ලිනන් රෙදිවලින් එය ඔතා ඇත.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.