අයිස්ලන්ත ගුවන් සේවයේ 001 ගුවන් යානය
From Wikipedia, the free encyclopedia
ලොෆ්ට්ලෙයිතීර් HF LL 001 මගී ගුවන්යානය 1978 නොවැම්බර් 15 දින කොළඹ (කටුනායක) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමේ දී අනතුරට ලක් විය. මෙය ඩග්ලස් DC-8 වර්ගයේ ගුවන්යානයක් විය. මෙම අනතුරින් අයිස්ලන්ත ජාතික කාර්ය මණ්ඩලයේ 13දෙනාගෙන් 8දෙනෙක්, අමතර කාර්ය මණ්ඩලයේ 5දෙනෙක්, දකුණු බෝර්නියෝවේ සිට යන මුස්ලිම් වන්දනාකරුවන් වූ මගීන් 262දෙනාගෙන් 170දෙනෙක් (බහුතරය ඉන්දුනීසියානු ජාතික) මිය ගියහ. මේ පිලිබඳ ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද නිල වාර්තාවන් හි හේතු ලෙස දක්වා ඇත්තේ නියමුවන් විසින් ප්‍රවේශ වීමේ ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීම යි. කෙසේ වෙතත් ඇමෙරිකානු හා අයිස්ලන්ත බලධාරීන් මෙහි හේතුව ලෙස දක්වන්නේ ගුවන්තොටුපොළේ තිබෙන දෝෂ සහිත උපාංග සහ ගුවන් ගමන් පාලක දෝෂයන් ය. එය අයිස්ලන්ත ගුවන් ගමන් ඉතිහාසයේ දරුණුතම අනතුර වන අතර ශ්‍රී ලංකා ගුවන් ගමන් ඉතිහාසයේ දෙවනුවට දරුණුම අනතුර යි (මාර්ටින්එයාර් 138 ගුවන්යානයට පසුව).
අයිස්ලන්ත ගුවන්සේවයේ 001 ගුවන්යානය | |
---|---|
අනතුර | |
දිනය | 1978 නොවැම්බර් 15 |
සාරාංශය | භූමියේ ගැටුණු පාලනය යටතේ තිබූ ගුවන්යානයක්: දෝශ්ය සහිත ගුවන්තොටුපොළ උපාංග සහ ගුවන් ගමන් පාලක දෝෂ |
ස්ථානය | කටුනායක, ශ්‍රී ලංකාව |
ගුවන්යානය | |
ගුවන්යානයේ වර්ගය | ඩග්ලස් DC-8-63CF |
ගුවන්යානයේ නම | ලෙයිෆූර් එයිරික්සන් |
මෙහෙයවන්නා | ගරුඩා ඉන්දුනීසියා වෙනුවෙන් අයිස්ලන්ත ගුවන්සේවය |
ලියාපදිංචිය | TF-FLA |
ගමන් ආරම්භය | ජෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, ජෙඩා, සවුදි අරාබිය |
අතරමඟ නැවතුම් | බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කටුනායක, ශ්‍රී ලංකාව |
ගමනාන්තය | ජුවන්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, සුරාබයා, ඉන්දුනීසියාව |
මගීන් | 249 |
කාර්ය මණ්ඩලය | 13 |
බේරුණු පිරිස | 79 |
තුවාල ලැබූවන් | 32 |
ගුවන්යානය සවුදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපොළෙන් ගමන් ආරම්භ කල අතර එහි සැලසුම්කර තිබූ ගමනාන්තය ඉන්දුනීසියාවේ සුරබායා ගුවන්තොටුපොළ යි. එය ඉන්ධන පිරවීමට සහ කාර්ය මණ්ඩලය මාරු වීමට කොළඹ (කටුනායක) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නැවැත්වීමට සැලසුම් කර තිබිණ. ඒ වන විට අවට ගිගිරුම් සහිත වැසි සහ සුළං ප්‍රවාහ තිබිණ.