![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/63/Indigenous_group_dancers_at_Amis_Music_Festival_2016_IMF0936.jpg/640px-Indigenous_group_dancers_at_Amis_Music_Festival_2016_IMF0936.jpg&w=640&q=50)
අමිස් ජනයා
From Wikipedia, the free encyclopedia
අමිස් (චීන: 阿美族; පින්යින්: āměi-zú; හෙවත් අමි හෝ පන්ග්කා) යනුවෙන් හැඳින්වෙන්නේ තායිවානයට ස්වදේශික ඔස්ට්‍රොනේසියානු ජන කණ්ඩායමකි. ඔවුන් විසින් අමිස් නම්වූ ඔස්ට්‍රොනේසියානු භාෂාවක් භාවිතා කරනු ලබන අතර, තායිවාන ආදිවාසීන් ලෙස නිල වශයෙන් පිළිගැනීම හිමිවූ ජන කණ්ඩායම් දහසය අතුරින් එක් කණ්ඩායමක් ද වේ. අමිස් ජනයාගේ පාරම්පරික භූමි ප්‍රදේශයට මධ්‍යම කඳු සහ වෙරළාසන්න කඳු අතර පටු දිගැති නිම්නය (හුවාටුං නිම්නය), වෙරළාසන්න කඳු ප්‍රදේශ දක්වා නැගෙනහිරට පැසිෆික් වෙරළාසන්න තැන්න සහ හ්යුංචුන් අර්ධද්වීපය ඇතුළත් විය.
![]() | |
මුළු ජනගහනය | |
---|---|
200,604 (2014) | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
තායිවානය | |
භාෂා | |
අමිස්, මැන්ඩරින් | |
ආගම | |
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම | |
ආශ්රිත මිනිස් ජාතීන් | |
සකිසායා, තායිවාන ආදිවාසීන් |
2014දී, අමිස් ජනගහනය 200,604ක් ලෙස වාර්තා විය.[1] මෙය තායිවානයේ සමස්ත ස්වදේශික ජනගහනයෙන් 37.1% වන අතර, එරට විශාලතම ස්වදේශික ජනකොට්ඨාසය වන්නේ ද මොවුන් ය.[2] වෙරළාසන්න පිහිටීම හේතුවෙන් අමිස්වරු ප්‍රධාන වශයෙන්ස ධීවරයන් ලෙස කටයුතු කළහ. ඔවුන් සම්ප්‍රදායිකව මාතෘවංශික යැයි පිළිගැනේ.[3] සම්ප්‍රදායික අමිස් ගම්මාන ස්වදේශික ජන කොට්ඨාස හා සැලකීමේ දී සංඛ්‍යාවෙන් වැඩි අතර, එය සාමාන්‍යයෙන් 500 සහ 1,000 අතර වේ. වර්තමාන තායිවානයේ, අමිස්වරුන් "නාගරික ආදිවාසීන්" අතුරින් ද බහුතරය නියෝජනය කරන අතර, දිවයින පුරාම ඔවුන්ගේ නාගරික ප්‍රජා දැකගත හැක. මෑත දශකවල දී අමිස්වරුන් බහිර්ජන්යව හන් මෙන්ම අනෙකුත් ස්වදේශික ජනයා සමග ද විවාහ සම්බන්ධතා පවත්වා ඇත.[4]