උතුරු මැද නේපාලයේ පිහිටි හිමාල කඳු වැටිය From Wikipedia, the free encyclopedia
අන්නාපූර්ණ (සංස්කෘත, නේපාල, නේපාල භාෂා: अन्नपुर्ण) යනු, උතුරු-මැද නේපාලයෙහි පිහිටි හිමාලය කඳුවැටියෙහි කොටසක් වන අතර, උස 8,091 මී (26,545 අඩි) ක් වන අන්නාපූර්ණ I, උසින් 7,000 මී (22,970 අඩි) ඉක්මවන තවත් ශිඛර දහතුනක් සහ උසින් 6,000 මී (19,690 අඩි) ඉක්මවන තවත් ශිඛර 16 ක් එයට අඩංගු වෙති. [3] මෙම කොටස වනාහී, 55 කිමී-දිගු (34 සැත-දිගු) කුළු කන්දක් වන අතර, බටහිරින් කාලි ගන්ඩකී දොරුව වෙතින්ද, උතුරින් හා නැගෙනහිරින් මාෂ්යන්ග්දි ගංගාවෙන්ද, දකුණින් පෝකරා නිම්නය වෙතින්ද මායිම් වෙයි. පෘථිවියෙහි අටදහස්වැන්නන් දහහතර අතරින්, අන්නාපූර්ණ I ශිඛරය දසවැන්න වෙයි. මීටර 8167 උසැති ධවලගිරි I පැනනගින්නේ, පෘථිවියෙහි ගැඹුරුතම අගාධය ලෙසින් සැලකෙන කාලි ගන්ඩකී දොරුව එතරින්, 34 කිමී දුරක් බටහිර දෙසට වන්නටය.
අන්නාපූර්ණ | |
---|---|
උසම ස්ථානය | |
උස | 8,091 m (26,545 ft) ශ්‍රේණිගතය 10වන |
Prominence | 2,984 m (9,790 ft) [1][2] ශ්‍රේණිගතය 94වන |
Isolation | 34 කිලෝමීටර (21 mi) |
Parent peak | චො ඔවු |
Listing | අටදහස්වැන්න අධි |
Geography | |
Location | ගන්ඩකී කලාපය, නේපාලය |
State/Province | NP |
Parent range | හිමාලය කඳුවැටිය |
Climbing | |
First ascent | 3 ජූනි 1950 මොරිස් හර්සොග් සහ ලුවී ලෂෙනල් (පළමු ශිශිර නැගීම 3 පෙබරවාරි 1987 ජර්සි කුකුෂ්කා සහ ආටර් හජ්සර්) |
Easiest route | හිම/අයිස් නැගුම |
අන්නාපූර්ණ යනු, "ආහාර සපිරි" යන අර්ථය වචනානුසාරයෙන් දෙන සංස්කෘත නාමයක් වුවද, එය සාමාන්‍ය ලෙසින් පරිවර්තනය කෙරෙන්නේ අස්වැන්නේ දෙවඟන ලෙසිනි. හින්දු ආගමෙහි, අන්නාපූර්ණ යනු "... සාර්වත්‍ර සහ අකාලික මුළුතැන්ගේ-දේවතාවිය ... පෝෂණය ලබා දෙන මාතාව වෙයි. ඇය නොමැති නම්, සාර්වත්‍ර භීතිකාවක් වන, හාමත ඇති වෙයි: මේ නිසා අන්නාපූර්ණ සාර්වත්‍ර දේවතාවියක් වෙයි ...ඇයගේ වඩාත් ජනප්‍රිය සිද්ධස්ථානය පිහිටා ඇත්තේ, ගංගා නම් ගඟෙහි ඉවුරෙහි පිහිටි කාෂි නගරයෙහිය." ආහාර (ධනය) ලබා දීම හා ඇයගේ සබැඳියාව නිසා කලක් ගතවත්ම, ධනයේ දෙවඟන ලක්ෂ්මී බවට ඇය පරිනාමනය විය.[4]
සම්පූර්ණ කුළු කන්ද සහ එය වටා ඇති ප්‍රදේශය, 7,629 කිමී2 භූමිභාගයක පැතිරි පවතින, නේපාලයේ පළමු සහ විශාලතම රක්ෂිත ප්‍රදේශය වන අන්නාපූර්ණ රක්ෂිත ප්‍රදේශය තුල රක්ෂණය වෙයි. අන්නාපූර්ණ රක්ෂිත ප්‍රදේශය තුල, අන්නාපූර්ණ මං පෙත ඇතුළු ලෝක-තත්ත්වයේ මංතලව් කිහිපයක් පිහිටයි.
අන්නාපූර්ණ ශිඛර, කඳු නැගීම අතින් ලොව අති-භයානකම කඳු අතරට ගැනෙන මුත්, මෑත ඉතිහාසය අනුව, එනම් 1990 වසර සහ ඉන්පසු දත්ත පමණක් සැලකිල්ලට ගත් කල, මාරක අනතුරු ගෙන ඒම අතින් වැඩිම වන්නේ කංචෙන්ජන්ගා කන්ද බව සැලකෙයි.[5] 2012 මාර්තු වන විට, අන්නාපූර්ණ I වෙත මස්තක නැගුම් 191 වී ඇති අතර, කන්දෙහිදී නැගුම් මාරක අනතුරු 61 ක් සිදුවී ඇත.[6] මෙම මාරක අනතුරු-මස්තක නැගුම් අනුපාතය (32%), අටදහස්වැන්නන් අතරෙහි විශාලතමය වෙයි.විශේෂයෙන්ම, දකුණු මුහුණත ඔස්සේ කඳු නැගීම, සමහරෙක් විසින් සැලකෙන්නේ, සමස්ත නැගුම් අතුරින් වඩාත් අපහසුතම නැගුම් බවයි. 2014 ඔක්තොම්බර් මාසයේදී, අන්නාපූර්ණ අවට ඇතිවූ හිමකුණාටු සහ හිමධාවයන් නිසා, අඩුම වශයෙන් 39 දෙනෙක් මිය ගිය අතර, එය නේපාලයේ මෙතෙක් ඇතිවූ දරුණුතම මං තරණ ව්‍යසනය ලෙසින් සැලකෙයි.[7]
අන්නාපූර්ණ කුළු කන්ද සතුව, 7,200 මී (23,620 අඩි) ට වඩා උස ප්‍රධාන කඳු මුදුන් සයක් ඇත:
අන්නාපූර්ණ I | 8,091 මී | (26,545 අඩි) ශ්‍රේණිගතය 10වන; ප්‍රමුඛත්වය=2,984 මී | 28.595°N 83.819°E |
අන්නාපූර්ණ II | 7,937 මී | (26,040 අඩි) ශ්‍රේණිගතය 16වන; ප්‍රමුඛත්වය=2,437 මී | 28.539°N 84.137°E |
අන්නාපූර්ණ III | 7,555 මී | (24,786 අඩි) ශ්‍රේණිගතය 42වන; ප්‍රමුඛත්වය=703 මී | 28.585°N 84.000°E |
අන්නාපූර්ණ IV | 7,525 මී | (24,688 අඩි) | 28.539°N 84.087°E |
ගංගාපූර්ණ | 7,455 මී | (24,457 අඩි) ශ්‍රේණිගතය 59වන; ප්‍රමුඛත්වය=563 මී | 28.606°N 83.965°E |
අන්නාපූර්ණ දකුණ | 7,219 මී | (23,684 අඩි) ශ්‍රේණිගතය 101වන; ප්‍රමුඛත්වය=775 මී | 28.518°N 83.806°E |
තරණය ලද පළමු 8,000-මීටර (26,200 අඩි) ශිඛරය වූයේ අන්නාපූර්ණ I විය.[6] මොරිස් එර්සෝග් විසින් නායකත්වය සැපයුණු ( යොනෙල් ටෙරේ, ගැස්ටන් රෙබූෆා, මර්සෙල් ඉෂාක්, ජෝන කූසි, මර්සෙල් ෂේට්ස්, ජැක් ඔඩූ, ෆ්රාන්සිස් ඩි නොයෙල් අයත් වූ) ප්‍රංශ ගවේෂණයකදී, මොරිස් එර්සෝග් සහ ලුවී ලෂ්නාල් විසින්, 1950 ජූනි 3 දිනදී ශිඛරය තරණය කෙරිණි. [8] (මර්සෙල් ඉෂාක් විසින් තැනුණු ගවේෂණය පිළිබඳ වාර්තාව "වික්ට්වා ස්යූ ලන්නපූර්ණා" බලන්න). එවරස්ට් කන්ද සාර්ථකව තරණය කරන තුරු, එහි මස්තකය, වසර තුනක් පුරා, පෘථිවිය මත තරණය කෙරුණු උසම මස්තකය වූයේය. (කෙසේවෙතත්, මස්තක-නොවන මෙයට වඩා උසැති ස්ථාන—අවම වශයෙන් 8,500 මීටර (27,900 අඩි)—1920 ගණන් වලදී එවරස්ට් හිදී තරණය කර තිබුණි.)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.