අන්තර්ජාතික ඒකක පද්ධතිය (එස්අයි, ප්‍රංශ සිස්ටම් ඉන්ටර්නැෂනල් (ඩිනිටී) වෙතින් කෙටි කල) යනු මෙට්‍රික් පද්ධතියෙහි නූතන ආකාරය වන අතර, වඩාත්ම පුළුල් ලෙසින් භාවිතා වන මිනුම් පද්ධතිය වෙයි. ඇම්පියරය, කෙල්විනය, තත්පරය, මීටරය, කිලෝග්‍රෑමය, කැන්ඩෙලාව, මවුලය යන මූලික ඒකක සතකින් සහ, ඒකක වල ගුණාකාර සහ භාග හැඳින්වීමෙහිදී භාවිතා කල හැකි, ඒකක නාම හා ඒකක සංකේත සඳහා වන උපසර්ග විස්සක කට්ටලයකින් සමන්විත සමචාරී මිනුම් ඒකක පද්ධතියකින් එය සමන්විත වෙයි. අනෙකුත් සුලභ භාවිතයෙහි ඇති භෞතික රාශීන් සඳහා වන ලූමනය සහ වොට් වැනි, ව්‍යුත්පන්න ඒකක 22 ක්ද, මෙම පද්ධතිය විසින් නියම කර දක්වයි.

More information සංකේතය, නම ...
සංකේතයනමරාශිය
Aඇම්පියරයවිදුලි ධාරාව
Kකෙල්විනයඋෂ්ණත්වය
sතත්පරයකාලය
mමීටරයදිග
kgකිලෝග්‍රෑමයස්කන්ධය
cdකැන්ඩෙලාවදීප්ත තීව්‍රතාව
molමවුලයද්‍රව්‍යය ප්‍රමාණය
Close
Thumb
එස්අයි මූලික ඒකක

මූලික ඒකකයන් ව්‍යුත්පන්න කොට ඇත්තේ, රික්තකයෙහි ආලෝකයෙහි වේගය සහ ජලයෙහි ත්‍රිත්ව ලක්ෂ්‍යය වැනි, විශාල නිරවද්‍යතාවයකින් නිරික්ෂණය කල හැකි සහ මිණුම් කල හැකි, ස්වභාවයෙහි පවතින අවිචල්‍ය නියතයන් වෙතින් සහ එක් භෞතික මානවකෘතියක් වෙතිනි. මෙම මානවකෘතිය යනු, 1889 වසරෙහිදී සහතික කෙරුණු, අන්තර්ජාතික කිලෝග්‍රෑම් ප්‍රතිරූපකය වන අතර, හිමාංකයෙහි පවතින ජලය ලීටරයක ස්කන්ධය නාමික වශයෙන් දරන ප්ලැටිනම්-ඉරිඩියම් සිලින්ඩරයක් විය. එහි අචපලබව පිළිබඳව සැලකිය යුතු සැකයන් ඇතිවීම සංක්‍රාන්තියට පත්වූයේ, මූලික ඒකක අර්ථ දැක්වීම සංස්කරණය කීරීමක් විසින්, 2019 මැයි 20 දින සිට බලපැවැත්වෙන පරිදී සම්පූර්ණ වශයෙන් ස්වභාවයෙහි පවතින නියතයන් අනුසාරයෙන් ව්‍යුත්පන්න කිරීම ඇරඹිම වෙතිනි. [1]

මූලික ඒකක අනුසාරයෙන් හෝ අනෙකුත් ව්‍යුත්පන්න ඒකක අනුසාරයෙන් හෝ ව්‍යුත්පන්න ඒකක අර්ථදැක්විය හැක. බහුවිධ රාශීන් මිණුම සඳහා පහසුකම් සපයනු වස් ඒවා යොදා ගැනෙයි. පරිණාමයට ලක් වන පද්ධතියක් වීම එස් අයි වෙතින් බලාපොරොත්තු වෙයි; මිණුම් තාක්ෂණය ප්‍රගතියට පත් වත්ම හා මිණුම් නිරවද්‍යතාව දියුණු වත්ම, නව ඒකක හා උපසර්ග නිමැවුණු අතර ඒකකයන්හී අර්ථදැක්වීම වෙනස් කෙරිණි. වඩාත් මෑතකදී ව්‍යුත්පන්න කෙරුණු ඒකකය වූ කැටාල්, අර්ථ දැක්වුණේ 1999 වසරෙහිදීය.

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.