![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/86/Gray190.png/640px-Gray190.png&w=640&q=50)
අධෝහනුව
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය ක්ෂීරපායී හනුක අස්ථිය පිලිබඳ වේ. ආත්‍රොපෝඩාවන්ගේ මුඛ උපාංග සඳහා, අධෝහනුව (අත්රෝපෝඩා මුඛ උපාංගය) බලන්න. විශේෂයෙන්ම කෘමීන්ගේ පිහිටි ඒවා සඳහා, අධෝහනුව (කෘමි මුඛ උපාංගය) බලන්න.
"අධෝහනුක" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, අධෝහනුක (බහුරුත්හරණය) බලන්න.
අධෝහනුව,[2] අධෝහනුක අස්ථිය හෝ යටිහනුව යනුවෙන් හැඳින්වෙන්නේ මුහුණේ පිහිටි විශාලතම, ශක්තිමත්ම සහ පහතින්ම පිහිටි අස්ථියයි.[3] යටි හනුව සාදන මෙය පහළ දත් සම්බන්ධ කර තබා ගනියි. අධෝහනුවේ පූර්ව පෘෂ්ඨයේ මධ්‍ය රේඛාව මඳ මියර සැකැස්මකින් යුතු ය. මෙය අධෝහනුක යෝගය පිළිබඳ ඉඟියකි. මෙහි දී අධෝහනුක වර්ධනයේ දී දකුණු සහ වම් ප්‍රසර හා වී ඇත. සිරුරේ අනෙකුත් යෝගයන් මෙන්, මධ්‍යරේඛා සන්ධානයක් වන මෙහි ද අස්ථි සම්බන්ධ වී ඇත්තේ තන්තුමය කාටිලේජයකින් වන නමුත්, මෙම සන්ධානය හා වීම සිදුවන්නේ මුල්කාලීන ළමාවියේ දී ය.[4]