අධිස්පන්දනය කිරීම (Overclocking)
From Wikipedia, the free encyclopedia
ABIT NF7-S හි AMD ඇතුළත් XP (Athlon XP) අධිස්පන්දනය කිරීමේ BIOS සෙට්අප් (Setup) ඉදිරිපස නියමග සංඛ්‍යාතය (බාහිර ස්පන්දකය) 133MHz සිට 148MHz දක්වා වැඩි කළ අතර ස්පන්දක ගුණන සාධකය 13.5 සිට 16.5 දක්වා වෙනස් වී ඇත.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fc/Overclock.jpg/320px-Overclock.jpg)
අධි ස්පන්දනය කිරීම යනු නිෂ්පාදකයන් විසින් සැලසුම් කර ඇති ප්‍රමාණයට වඩා වැඩි ස්පන්ද සීඝ්‍රතාවයකින් ධාවනය වන ලෙස පරිගණක උපාංග සැකසීමේ ක්‍රියාවලියයි. මෙය සාමාන්‍යයෙන් පුද්ගලික පරිගණක පරිශීලකයන් විසින් ඔවුන්ගේ පරිගණකවල ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට සඳහා සිදු කරනු ලබයි. ඔවුන්ගෙන් ඇතැමෙකු පහළ මට්ටමේ පරිගණක උපාංග මිල දී ගෙන ඒවා වැඩි වේගවලට අධි ස්පන්දනය කරනු ලබයි. නැතිනම් ඉහළ මට්ටමේ පරිගණක උපාංග ගෙන ඒවා කම්හල් පෙරතිබි තත්ව ලටත් වඩා වැඩි මට්ටම් කරා ළඟා කරවයි. තවත් සමහරුන් පරිගණක කර්මාන්ත බලාපොරොත්තු වන ලෙස නව දෘඩාංග නොගෙන ඔවුන්ගේ යල්පිනූ පැරණි දෘඩාංග නව පද්ධති අවශ්‍යතාවලට ගැළපෙන ලෙස අධිස්පන්දනය කරනු ලැබේ.
ඔවුන්ගේ උපාංග අධිස්පන්දනය කරන පරිශීලකයන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ප්‍රොසෙසර, වීඩියෝ කාඩ්, මවු පුවරු චිප් සෙට් හා සසම්භාවී මතකය (RAM) යන ඒවාටය. එය සිදුකරන්නේ CPU ගුණනය හා මවු පුවරුවේ ඉදිරිපස නියමග (FSB) වේගය උපරිම ස්ථායී අගයක් ලැබෙන තෙක් වැඩිකිරීමෙනි. අදහස සරල වුවත් පරිගණක පද්ධතිවල විද්‍යුත් හා භෞතික ගති ලක්ෂණ වෙනස්වීම ක්‍රියාවලිය සංකීර්ණ කරයි. CPU ගුණනය, නියමං භාජකය , වෝල්ටීයතා, තාප ධාරිතා, සිසිලන තාක්ෂණික ක්‍රම හා වෙනත් සාධක එයට බලපෑම් එල්ල කළ හැක.