සේද මාවත
ඉතා පැරණි ගමන් මාර්ගයකි / From Wikipedia, the free encyclopedia
සේද මාවත (චීන: 丝绸之路; පර්සියානු: جاده ابریشم ඉතාලි: Via della seta; කසකස්තාන: Ұлы Жібек жолы) යනු ක්‍රි.පූ. දෙවන සියවසේ සිට ක්‍රි.ව. 15 වෙනි සියවසේ මැද භාගය දක්වා සක්‍රීයව භාවිත කෙරුනු යුරේසියානු වෙළඳ මාර්ග ජාලයකි. කි.මී. 6,400 ක් පමණ විහිදී යන මෙම ජාලය, පෙරදිග ලෝකය සහ බටහිර ලෝකය අතර ආර්ථික, සංස්කෘතික, දේශපාලනික සහ ආගමික අන්තර්-සම්බන්ධතා වලදී වැදගත් විය. වර්තමානයේදී ඇතැම් ඉතිහාසඥයන් "සේද මාවත" (Silk Road) වෙනුවට "සේද මාවත්" (Silk Routes) යන වචනය භාවිත කරන්නේ, එය එක් තනි මාර්ගයක් නොව මුහුදින් සහ ගොඩබිමින් දිවෙන මාවත් ගණනාවක එකතුවක් නිසාය. සේද මාවත් මගින් නැගෙනහිර හා ගිණිකොණ ආසියාව ද, ඉන්දියානු උපමහද්වීපය ද, මධ්‍යම ආසියාව ද, මැද පෙරදිග ද, නැගෙනහිර අප්‍රිකාව හා යුරෝපය ද යා කෙරුනි.