සරින් ඛාන්
From Wikipedia, the free encyclopedia
සරින් ඛාන් (1987 මැයි 14) යනු ඉන්දියානු රංගන ශිල්පිණියක් හා නිරූපිකාවක් වේ. 1987 වසරේ මැයි 14 වන දින ඉන්දියාවේ මහාරාෂ්ට්රාහී පතන් පවුලට,[1][2] දාව උපන් ඇය 2010 වසරේදී ඉන්දීය බොලිවුඩ් සිනමාවට එක්විය. හින්දි චිත්රපටිවලට අමතරව ඇය දමිල හා පංජාබි චිත්රපට සඳහාද සිය දායකත්වය ලබා දී තිබේ.
සරින් ඛාන් | |
---|---|
දේශීය නම | ज़रीन खान |
උපත | සරීන් ඛාන් 14 මැයි 1987 (1987-05-14) (වයස 37) |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිළියක, නිරූපිකාවක |
සක්රීය වසර | 2010 – වර්ථමානය තෙක් |
ආගම | ඉස්ලාම් |
2010 වසරේ තිරගත වූ අනිල් ශර්මාගේ' වීර් සිනමාපටයේ සල්මන් ඛාන් සමග ප්රධාන භූමිකාව නිරූපණය කරමින් සිනමාවට පිවිසි ඇය, ඒ වෙනුවෙන් එම වසරේ උදෙසා පැවති සී සිනමා සම්මාන (Zee Cine Award) උළෙලේදී හොඳම නවක නිළිය වශයෙන් නාම නිර්දේශයට ලක් වූවාය.[3] 2011 වසරේ තිරගත වූ රෙඩී චිත්රපටියේ ගීතයක සිදුකල රංගනයෙන් හා 2012 වසරේ තිරගත වූ සජිඩ් ඛාන්ගේ හවුස් ෆුල් 2 චිත්රපටියේ සිදුකල රංගනයෙන් ඇය ප්රේක්ෂකයා අතර අවධානයට ලක් විය. 2014 වසරේ නිකුත් කෙරුණු බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට ලක්වූ ජට් ජේම්ස් බොන්ඩ් චිත්රපටිය හා 2015 වසරේ නිකුත් වූ හේට් ස්ටෝරි 3 චිත්රපටිය හරහාද ඇය බොලිවුඩ් සිනමාවේ සිය සාර්ථකත්වය සනිටුහන් කර ගැනීමට සමත් විය.