සික් ධර්මය
From Wikipedia, the free encyclopedia
සිඛී හෙවත් සික් ආගම 15 වන සියවසේ අගභාගයේදී ඉන්දියානු උප මහද්වීපීය කලාපය තුළ පංජාබ් ප්‍රාන්තය මුල් කර ගනිමින් නිර්මාණය වූව කි.[10][11][12][13][14][15] එය ප්‍රධාන ලොව ආගම්වල ළාබාලතම ආගමක් වන අතර ලෝකයේ පස්වන විශාලතම සංවිධානාත්මක ආගම වේ.
[16]
21 වන සියවසේ මුල් භාගය වන විට සීඛ් ආගමිකයෝ, මිලියන 25 ක් පමණ වාසය කරති. .[17]
සිඛ් දහම පදනම් වී ඇත්තේ ගුරු නානක් හෙවත් පළමු ගුරු (1469–1539) [18] සහ ඔහුගෙන් පසුව පැමිණි සීඛ් ගුරු නවදෙනාගේ අධ්‍යාත්මික ඉගැන්වීම් මත ය. දසවන ගුරු, ගුරු ගෝවින්ද් සිං, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ගුරු “ග්‍රන්ථ් සහීබ්”(සීඛ් ආගමික ග්‍රන්ථය) නම් කළ අතර, මනුෂ්‍ය ‘ගුරු’ වරුන්ගේ පෙළගැස්ම අවසන් කොට, සීක්වරුන්ට සදාකාලික, ආගමික අධ්‍යාත්මික මඟ පෙන්වීම ලෙස ශුද්ධ ලියවිල්ල ස්ථාපිත කළේය.[19][20][21] “සත්‍ය, විශ්වාසය, ආත්ම දමනය සහ පාරිශුද්ධත්වය” සහිත “ක්‍රියාශීලී, නිර්මාණාත්මක හා ප්‍රායෝගික ජීවිතය”, ජීවභෞතික සහ පාරභෞතික සත්‍යයට වඩා ඉහළින් ඇති බවත්, පරමාදර්ශී මනුෂ්‍යයන් “දෙවියන් වහන්සේ සමග එක්වීම තහවුරු කරන අතර ඔහුගේ කැමැත්ත දන්නා බව”ත් ගුරු නානක්තුමන් ඉගැන්වීය.[22] [23] හයවන ‘සික් ගුරු’ වන ගුරු හර්-ගොබින්ද් විසින් “මිරි” (දේශපාලන / තාවකාලික) සහ “පිරි” (අධ්‍යාත්මික) යන අංග අන්‍යෝන්‍ය වශයෙන් සහජීවනය සඳහා ස්ථාපිත කරන ලදි.[23]
‘සීඛ් ධර්ම ග්‍රන්ථය’ ආරම්භ වන්නේ “මූල මන්ත්‍ර” (ਮੂਲ ਮੰਤਰ) සහ “ඉක් ඕම්කාර්” (ੴ, 'එක් දෙවිවරයෙක්') පිළිබඳ මූලික යාච්ඤාවෙනි. ගුරු ග්‍රන්ථ් සහීබ් හි දක්වා ඇති සීක් ආගමේ මූලික විශ්වාසයන් අතර “එක් නිර්මාණකරුවෙකුගේ නම” පිළිබඳ විශ්වාසය හා භාවනාව ඇතුළත් වේ. තව ද දිව්‍යමය එක්සත් ස්වභාවය සහ සියලු මනුෂ්‍ය වර්ගයාගේ සමානාත්මතාවය; “සේවා” (පරාර්ථකාමී සේවය) ලෙස ද සියලු දෙනාගේ යහපත හා සමෘද්ධිය සඳහා යුක්තිය උදෙසා උත්සාහ කිරීම ද නිවැසියෙකුගේ ජීවිතය ගත කරන අතරතුර අවංකව හැසිරීම සහ යහපත් ජීවනෝපාය ක්‍රම ද සීඛ් ධර්මයේ මූලික ඉගැන්වීම් වෙයි.[24][25][26]
සික් දහම අවධාරණය කරන්නේ “සිම්රන්” (ਸਿਮਰਨ, දෙවියන් වහන්සේගේ වචන මෙනෙහි කිරීම) සහ එය කිර්තාන් හරහා හෝ අභ්‍යන්තරව “නාම් ජප්නා” (උන් වහන්සේගේ නාමය ගැන මෙනෙහි කිරීම) තුළින් දෙවියන් වහන්සේගේ පැමිණ සිටීම දැනෙන මාධ්‍යයක් ලෙස ප්‍රකාශ කළ හැකිය.
මෙම ආගම හින්දු හා ඉස්ලාමයෙන් හැරීම් ලබා ගනිමින් ‘ආගමික පීඩා’ කාලවලදී ආගම වර්ධනය වී පරිණාමය විය. සික් ගුරු වරුන් දෙදෙනෙකු වන ගුරු අර්ජාන් (1563-1605) සහ ගුරු තේඝ් බහදූර් (1621–1675) ඉස්ලාම් ආගම වැළඳ ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු “මෝගල් පාලකයින්” විසින් වධහිංසා පමුණුවනු ලැබීය. ‘සික්’වරුන්ට හිංසා පීඩා කිරීම ගුරු ගෝවින්ද් සිං විසින් හෘද සාක්ෂියේ හා ආගමික නිදහස ආරක්ෂා කිරීමේ නියෝගයක් ලෙස “ඛල්සා” ආරම්භ කිරීමට හේතු විය.
Sikhism | |
---|---|
ਸਿੱਖੀ | |
වර්ගය | Ethnic religion; Universal religion |
වර්ගීකරණය | Indian religion |
Scripture | Guru Granth Sahib Dasam Granth[1] Sarbloh Granth |
දේවධර්මය | Monotheism Panentheism[2][3][4][5] |
පාලනය | Panj Takht |
ප්‍රදේශය | Predominant religion in Punjab, India (58%), and widespread worldwide as minorities (Sikh diaspora) |
භාෂාව | Sant Bhasha[6] Punjabi (Gurmukhi) Khalsa bole[7] |
මූලස්ථානය | Akal Takht |
ආරම්භක | Guru Nanak |
සම්භවය | 15th-16th century CE Punjab region |
Separations | Ravidassia |
Number of followers | 25-30 million (referred to as "Sikhs" or "Sikh Panth")[8] |
Other name(s) | Sikhi |
Slogan | "Bole So Nihal… Sat Sri Akaal" |
The Definition of Sikh is any human being who faithfully believes in:[9]
I. One Immortal Being,
II. Ten Gurus, from Guru Nanak Sahib to Guru Gobind Singh Sahib,
III. The Guru Granth Sahib,
IV. The utterances and teachings of the ten Gurus and,
V. The baptism bequeathed by the tenth Guru, and who does not owe allegiance to any other religion, is a Sikh.