සජීවිකරණය
From Wikipedia, the free encyclopedia
සජිවීකරණය යනු චලනය පිළිබද හැඟීමක් ඇති කරවීම සදහා ද්විමාන හෝ ත්රිමාන කලා නිර්මාණ හෝ ආකෘති පිහිටුම් රූපරාමු අනුක්රමයක් ශීඝ්රයෙන් ප්රදර්ශනය කිරීමයි. මෙහි දි චලනය පිළිබඳ ඇති වන හැගීම දෘෂ්ටි මායාවක් වන අතර ඊට හේතුව වන්නේ පෙනීමෙහි පැවැත්ම (Persistence of Vision) නම් සංසිද්ධියයි. මෙය ක්රමවේද කිහිපයක් ඔස්සේම නිර්මාණය හා ආදර්ශනය කළ හැකි ය. වඩාත් පොදුවේ සජීවිකරණ ඉදිරිපත් කිරීම සදහා භාවිත කෙරෙන ක්රමවේදය වනුයේ චලන චිත්ර හෝ වීඩියෝ වැඩසටහන් වේ. කෙසේ නමුත් සජිවීකරණ නිර්මාණ ඉදිරිපත් කිරීම සදහා තවත් ක්රමවේද කිහිපයක් ද පවතී.
සජීවිකරණය හැදින්වීම සදහා භාවිතා කෙරෙන Animation නම් ඉංග්රීසි පදය කිසියම් ප්රජාවක් සක්රිය කරවීම නම් අරුත සහිතවද ඉංග්රිසි භාෂාවේදී භාවිතා කළ හැක. (උදා - භාවිත කරන්නන් සක්රිය කර වීම) මෙමගින් කිසියම් දෙන ලද සේවාවක් සමග එය භාවිතා කරන්නන් අන්තර් ක්රියා කරවීම සදහා පොළඹවන ක්රියාවන් හැදින්වෙන අතර එය සංයමය සමග සම්බන්ධ වේ.