විශ්ව රූ රැජිණ
From Wikipedia, the free encyclopedia
විශ්ව රූ රැජිණ යනු විශ්ව රූ රැජිණ සංවිධානය (Miss Universe Organization) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. ජාත්‍යන්තර රූ රැජිණ, මහා ජාත්‍යන්තර රූ රැජිණ, මිහිකත රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ විශ්ව රූ රැජිණ තරඟයයි. ඊට සහභාගී වන්නේ එක් එක් රටවල ජාතික මට්ටම් නියෝජනය කල තරඟකාරියන් වෙයි.[1][2][3]
ආදර්ශ පාඨය | නිසැකවම සුන්දරයි (Confidently Beautiful) |
---|---|
සංස්ථාපනය | 1952 |
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | නිව්යෝර්ක් ඇමරිකානු එක්සත් ජනපද |
නිල භාෂා | ඉංග්‍රීසි |
President | Paula Shugart |
Key people | Charles Bluhdorn |
වෙබ් අඩවිය | www.missuniverse.com |
1952 දී කැලිෆෝනියානු රෙදි සමාගමක් වූ පැසිෆික් මිල් (Pacific Mills) විසින් ඇරඹූ මෙම තරඟය පසුව Kayser-Roth, සහ ඉන්පසුව Gulf+Western සමාගම් වල කොටසක් විය. 1996 වර්ෂයේදී Donald Trump විසින් තරඟයේ හිමිකාරීත්වය ලබා ගන්නා ලදී.[4][5]
තරඟය විකාශනය කරන්නේ අමෙරිකානු NBC-TV නාලිකාව ඔස්සේ වන අතර, ඊට සමගාමී විකාශයක් ස්පාඤ්ඤයේ Telemundo නාලිකාව සිදු කරයි. මීට අමතරව Xbox Live විසින් අන්තර්ජාල විකාශනය සිදු කරයි.
වර්ථමාන විශ්ව රූ රැජිණ තරඟයේ නිල ලාංඡණය වන "තරු පිරිවරා සිටින කාන්තාවකගේ රුව", හඳුන්වා දුන්නේ 1998 වසරේදීයී. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද විශ්ව රූ රැජිණ තරඟය නම් දරයි.[6]