වතිකානු උද්‍යාන
From Wikipedia, the free encyclopedia
වතිකානුවේ මුළු භූමිභාගයෙන් භාගයකට වඩා ඇත්තේ වතිකානු උද්‍යාන වේ. (ඉතාලි: Giardini Vaticani),[1] උද්‍යාන Renaissance හා Baroque යුගයේ පිහිටුවා ඇති අතර මූර්ති හා වතුර මල් වලින් සරසා ඇත.
| |
---|---|
පිහිටීම | Vatican City |
ඛණ්ඩාංක | 41°54.2′N 12°27.2′E |
වපසරිය | 23 hectares (57 acres) |
තත්වය | Active |
වතිකානු කඳුගැටයේ විශාල ප්‍රදේශයක් පුරා විහිදුනු උද්‍යාන ආසන්න වශයෙන් හෙක්ටයාර 23 ක පමණ භූමිභාගයක් ආවරණය කරනු ලබයි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 60 පමණ වේ. උතුරු, දකුණු හා බටහිර ප්‍රදේශ ගල් බිත්තිවලින් ආවරණය වී පවතී.
මධ්‍යතන යුගයේදී අපෝස්තලික නිවහනේ සිට උතුරු දෙසට විහිදුනු මිදි වතු හා පලතුරු වතු උද්‍යානය ගැන ඇති මුල් සටහන් වේ.[2] 1279 දී III වන නිකලස් පාප්තුමා (Giovanni Gaetano Orsini, 1277–1280) විසින් තම වාසස්ථානය ලැටරන් මන්දීරයේ සිට වතිකානුව වෙත ගෙන යන විට මෙම ප්‍රදේශය බිත්ති වලින් වටකරන ලදී.[3] ඔහු පලතුරු වත්තක් (pomerium), තණකොල සහිත පිට්ටනියක් (pratellum) හා උද්‍යානයක් (viridarium) පිහිටුවන ලදී.[3]