ලා පැහැ සම
From Wikipedia, the free encyclopedia
ලා පැහැ සම යනු ස්වභාවිකව ඇතිවන මිනිස් චර්ම වර්ණයක් වන අතර, මඳ පාරජම්බුල විකිරණය සහිත පරිසරයන්ට අනුචිත වීමක් ලෙසින් වඩාත් අඩු යූමෙලනින් වර්ණනය එහි අඩංගු වෙයි. [1] [2] [3]යුරෝපයෙහි සහ අග්නිදිග ආසියාවෙහි දේශීය ජනගහණයෙහි චර්ම පරාවර්තිතාව මැනීමෙන් ලබාගත් දත්ත අනුව, ලා පැහැ සම ඔවුන් තුල ඉතාමත් සුලභ ලෙසින් පවතින බව පෙනෙයි.[4] ලා පැහැ චර්ම වර්ණනය සහිත ජනයා බොහෝවිට සුදු ලෙසින් [5][6] හැඳින්වුවද, මෙම භාවිතය සමහර රටවලදී උභයාර්ථ විය හැක්කේ එම රටවලදී මෙම භාවිතය විසින් විශේෂිත ලෙසින් විවිධ වාර්ගික කණ්ඩායම් හෝ ජනගහණ හෝ හැඳින්වෙන නිසාවෙනි. [7]
හෝමෝ සැපියානුවන්ද අඩංගුවන, හෝමෝ නමැති ගණය සඳහා, මුලින් පැවැති තත්ත්වය වූයේ තද පැහැ සම වර්ණනය බව උපකල්පනය කෙරෙයි. කෙසේවෙතත්, වසර 125,000 සිට 65,000 දක්වා කාලයකට පෙර, නිවර්තන කලාප සිට මඳ පාරජම්බුල විකිරණ ප්‍රදේශ දක්වා ජනගහණයන් සංක්‍රමණය වෙත්ම,[8] විටමින් ඩී හායනයට ප්‍රතිවිරුද්ධ ලෙසින් ක්‍රියාකල පරිණාමීය වරණයක් ලෙසින්, ඔවුන් තුල ලා පැහැ චර්ම වර්ණනයක් ඇති විය. [3][9] බටහිර යුරෝපයෙන් හමුවූ මිනිස් ඇටසැකිලි අවශේෂ මත 2014 වසරෙහිදී සිදුකෙරුණු පුරාතන ඩීඑන්ඒ විශ්ලේෂණය මත පදනම්ව අනාවරණය කෙරුණේ, මෙම තද පැහැ සිට ලා පැහැ දක්වා චර්ම වර්ණන වෙනස, අවම ලෙසින් සමහරක් යුරෝපීයයන්ට හෝ සිදු වී ඇත්තේ ඉතා මෑත අතීතයෙහිදී බවයි. පුරාජානවිද්යා පර්යේෂක ස්පාඤ්ඤයෙහි පොම්පේයු ෆැබ්රා විශ්වවිද්‍යාලයෙහි කාර්ල්ස් ලලුයේසා-ෆොක්ස් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් නිරික්ෂණය කෙරුණේ, කැන්ටෑබ්රියන් කඳු තුල ලා බ්රෑනා-ඇරින්ටේරො වංකගිරිමය ගුහාවෙහි තිබී හමුවූ 7,000-වසර-පැරණි දඩකරු අන්නගවේෂකයෙකු තුල, නිල් ඇස් සඳහා ඇලීලය තිබුණු මුත් ලා පැහැ චර්ම වර්ණනය සඳහා යුරෝපියානු විකෘති නොතුබුණු බවයි. [10]