මහේල ජයවර්ධන විසින් රැස් කොට ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ශතක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මහේල ජයවර්ධන යනු, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහි හිටපු නායකයෙක් වෙයි. රට විසින් නිපැයුනු හොඳම පිතිකරුවන් අතරින් එක් අයෙකු ලෙසින් ඔහු විස්තර කෙරෙයි. [1][2] සහෘද ශ්‍රී ලාංකික තුමාර් සංගක්කාර ඔහු පසුකිරීමට පෙර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග සඳහා ප්රමුඛ ලකුණු-රැස්කරන්නා වූයේ ජයවර්ධන වන අතර, මහේල විසින් ශතක 34 ක් රැස් කර ගෙන ඇත. [3] ඔහුගේ එක් දින ජාත්‍යන්තර (එදිජා) අභිවෘත්තියෙහි ශතක 16 ක් රැස්කිරීමට ඔහු සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වන-වැඩිම ලකුණු-රැස්කරන්නා වෙයි. [4] විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග වලදීද, රට වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරන්නා ඔහු වන අතර, එක් ශතකයක් ඔහු විසින් රැස් කරගෙන ඇත.[5] ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි (අයිසීසී) ලෝක එක් දින ජාත්‍යන්තර කණ්ඩායමෙහි නායකයා ලෙසින් ජයවර්ධන තෝරා ගනු ලැබුණු අතර, 2006 අයිසීසී ප්‍රදාන තුලදී වසරෙහි නායකයා ලෙසින් තෝරා ගැනුණි.[6] 2007 වසරෙහිදී, වසරෙහි විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් එක් අයෙකු ලෙසින් ඔහු හඳුනාගත් අතර,[7]ඉන්පසු නසරෙහිදී අයිසීසී ලෝක ටෙස්ට් කණ්ඩායමෙහි සාමාජිකයෙක් විය.[8]
ජයවර්ධනගේ මංගලාවතරණ ටෙස්ට් තරගය වූයේ, ඉන්දියාවට එරෙහිව අගෝස්තු 1997 තරගය වූ අතර, එහිදී ශ්‍රී ලාංකික කණ්ඩායම කඩුළු හයකට ලෝක වාර්තාගත ලකුණු 952 ක් රැස් කර ගති.[9] නවසීලන්තයට එරෙහිව 1998 ජූනි මාසයේදී ක්‍රීඩා කෙරුණු ඔහුගේ සතරවන තරගයේදී, ඔහු විසින් මංගල ටෙස්ට් ශතකය වාර්තා කලේය.[10]බංග්ලාදේශයට එරෙහිව, 2001 සැප්තැම්බරයේදී ඔහු රැස් කල ලකුණු 150, ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් රැස් කල වේගවත්ම ටෙස්ට් ශතකය වෙයි.[11] කෙසේවෙතත්, මෙම ඉනිම අසාමාන්‍ය ලෙස අවසන් වූයේ, ලකුණු 150 ක් රැස් කල විගසින්, ඔහු පිටියෙන් ඉවත්ව දැවීයෑම සිදුවීම නිසාය. .[N 1][15] ජයවර්ධනගේ හොඳම ඉනිම ක්‍රීඩා කෙරුණේ, 2006 වසරේ ජූලි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව වන අතර, ශ්‍රී ලාංකික පිතිකරුවෙකු විසින් රැස්කරගෙන තිබූ වැඩිම පෞද්ගලික ලකුණු වාර්තාව වූ සනත් ජයසූරියගේ ලකුණු 340 පසුකරමින් ලකුණු 374 ක් එහිදී ඔහු රැස් කර ගත්තේය. [16] එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සතරවන-වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර,[17] ඔහුගේ කණ්ඩායම් සගයා කුමාර් සංගක්කාර හා සමගින් පිහිටවූ ලෝකයේ විශාලතම ටෙස්ට් සම්බන්ධතාවයෙහි —ලකුණු 624—කොටස්කරුවෙකුද වෙයි.[18] තම අභිවෘත්තිය තුලදී, ජයවර්ධන විසින් ශතක 34ක් රැස් කල අතර, එය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් විසින් රැස් කල වැඩිම ශතක ගණන විය.[19] මෙම අවස්ථාවලින් හතක් තුලදී ඔහු ලකුණු 200 ඉක්මවා රැස් කර ඇත. මෙය ශ්‍රී ලාංකික ක්රීඩකයෙතු විසින් රැස් කල දෙවන-වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවයි. [20] ශ්‍රී ලංකාව වෙනුවෙන් ත්‍රිත්ව ශතක රැස් කල එකම ක්‍රීඩකයන් දෙදෙන අතුරින් ඔහු එකෙකු වෙයි; අනෙකා ජයසූරිය වෙයි. [21]
1998 ජනවාරි 24 දිනදී සිය එදිජා මංගලාවතරණය සිම්බාබ්යේ පිලට එරෙහිව සිදු කල ජයවර්ධන, ඉන් වසරකට පසුව, 100 ජනවාරි 23 දිනදී ඔහුගේ පළමු ශතකය රැස් කලේ එංගලන්තයට එරෙහිවය. [22] ඔහුගේ ටෙස්ට් ශතක මෙන් සත්කීර්තිමත් නොවෙතත්, ඔහු විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එදිජා ශතක 16 ක් රැස් කර තිබුණි. එක් ක්‍රීඩකයෙකු විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කර ඇති දෙවන-විශාලතම ශතක සංඛ්‍යාව බවට මෙය පත් වන්නේ, ජයසූරියගේ ශතක 28 ට පසුපසිනි. [23] 2007 අප්‍රිකා-ආසියානු කුසලාන තුලදී ඔහු විසින් නාකත්වය සැපයුණු ආසියානු XI කණ්ඩායම වෙනුවෙන්, 2007 ජූනි 10 දිනදී, ජයවර්ධන විසින් ලකුණු 107 රැස් කෙරිණි. [24] ආසියානු XI වෙනුවෙන් ශතකයක් රැස් කල එකම ක්‍රීඩකයන් වන්නේ, එම තරගයේදීම නොදැවී ලකුණු 139 රැස් කල මහේන්ද්‍ර සිං දෝනි සහ ජයවර්ධන වෙති. [25] 2011 ක්‍රිකට් ලෝක කුසලානෙහි අවසන් තරගයෙහිදී ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 103ක් රැස් කර ගැනීම හා සමගම, ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයකදී ශතකයක් රැස් කල සයවන ක්‍රීඩකයා වීමට ජයවර්ධන සමත් විය. [N 2] කෙසේවෙතත්, ශ්‍රී ලංකාව එම තරගය පැරදුනු අතර, ලෝක කුසලාන අවසන් තරගයකදී වැරදුනු ඉලක්කයක පළමු ශතක රැස් කරන්නා බවට ජයවර්ධන පත් කළේය.[27][28]
එංගලන්තයට එරෙහිව, 2006 ජූනි 15 දිනදී, ජයවර්ධනගේ වි20ජා මංගලාවතරණය සිදුවූ අතර ඔහු විසින් පළමු ශතකය රැස් කලේ 2010 මැයි 3 දිනදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය.[29] වි20ජා තරගයකදී ශතකයක් රැස්කල සතරවන ක්‍රීඩකයා ජයවර්ධන වූ අතර, එසේ කල පළමුවන ශ්‍රී ලාංකිකයා විය.[30]