පරිගණක සිසිලනය
From Wikipedia, the free encyclopedia
පරිගණක සිසිලනය යනු පරිගණක උපාංගවලින් තාපය ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. පරිගණක සිසිල්කරණ විධි රාශියකි. පරිඝනකයේ ධාරිතාව, අවට පරිසර තත්ව මත අදාල පරිගණකය සඳහා සිසිල්කරණ පද්ධති තෝරාගනි.
පරිගණක පද්ධතිය තුළ උපාංග මගින් මෙහෙයුමක් අතරතුරදී විශාල ප්‍රමාණයකින් තාපය උත්පාදනය වේ. මෙයට මධ්‍යම සැකසුම් ඒකක, චිප් සමූහය හා දෘඩ ධාවක සමග රූපක පත්‍ර (Graphics card) ඇතුළත් වන නමුත් ඊට පමණක් සීමා නොවේ. මෙම උපාංග ඒවායෙහි ස්ව ආරක්ෂක උෂ්ණත්වවල රඳවා තබා ගැනීමට මෙම තාපය විසුරුවා හැරිය යුතුය. එමෙන්ම විවිධ නිෂ්පාදන ක්‍රම හා අතිරේක කොටස් භාවිතාකර ගනිමින් උපාංගවල තාපය ආරක්ෂාකාරී මට්ටමක රඳවා ගනී. ප්‍රධාන වශයෙන් මෙය සිදුකරනුයේ තාපය මුක්ත කරන පෘෂ්ඨික වර්ගඵලය වැඩි කරගැනීමට තාප ගිල්ලුම් ද , පරිගණක කොටස් මගින් රත් වූ වාතය අවට සිසිල් වාතය හා හුවමාරුවීම සීඝ්‍ර කිරීමටද පංකා භාවිතයෙන් ද සමහරක් අවස්ථාහිදී මෘදු සිසිලනය මගින් ද පරිගණක කොටස් අවකරණයෙන් තාප ජනනය කිරීම අඩු කිරීම වැනි ක්‍රම වලිනි. අධිකව රත් වුණු කොටස් කෙටි උපරිම ආයු කාලයක් පෙන්නුම් කරන අතර නිතර නිතර දෝෂ ඇතිවී පද්ධතිය තුළ ක්‍රියා විරහිත වීම හෝ බිඳවැටීම් හට ගනී.