දංගල් (චිත්‍රපටය)
From Wikipedia, the free encyclopedia
දංගල් (සිංහල: මල්ලවපොර තරගය) යනු 2016 ඉන්දියානු හින්දි-භාෂා චරිතාපදාන ක්‍රීඩා නාට්‍ය චිත්‍රපටයකි. මෙය ලිහිල් වශයෙන්, සිය දියණියන් වන ගීතා ෆෝගත් සහ බාබිතා කුමාරි ලෝක මට්ටමේ මල්ලවපොර ශූරියන් කිරීමට වෙහෙසෙන අවෘත්තීය මල්ලවපොර ශිල්පියකු වන මහාවීර් සිං ෆෝගත්ගේ කථාව ඇසුරින් නිර්මාණය වී ඇත. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ නිතේෂ් තිවාරි විසිනි. වෝල්ට් ඩිස්නි පික්චර්ස්, ආමීර් ඛාන් ප්‍රොඩක්ෂන්ස් සහ යූටීවී මෝෂන් පික්චර්ස්හි නිෂ්පාදනයක් වන මෙහි පියාගේ චරිතය නිරූපණය කරන්නේ ආමීර් ඛාන් විසිනි. මෙම දියණියන් දෙදෙනාම 2010 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් හිමි කරගත්හ.[5] බාබිතා එහි දී 51 kg බර පන්තියෙන් රිදී පදක්කමක් හිමි කරගත් අතර, 2014 ග්ලාස්ගෝ ක්‍රීඩා තරගාවලියේ දී 55 kg බර පන්තියෙන් රන් පදක්කමක් හිමි කරගත්තා ය. 2012දී, ඔලිම්පික් සඳහා සුදුසුකම් ලද ප්‍රථම ඉන්දියානු මල්ලව පොර ශිල්පිනිය බව ගීතා පත්වූවා ය. මහාවීර්ගේ උත්සාහයන් නිසා ඉන්දියානු කාන්තාවන් මල්ලව පොර ක්‍රීඩාව කෙරෙහි යොමු කිරීමට හේතු විය. ෆාතිමා සානා ෂෙයික් සහ සාන්යා මල්හෝත්‍රා මෙහි දෙසොහොයුරියන්ගේ වැඩිහිටි විය නිරූපණය කරන අතර, සාක්ෂි තන්වාර් විසින් ඔවුන්ගේ මවගේ චරිතයත්, අපර්ශක්ති ඛුරානා විසින් ඔවුන්ගේ ඥාති සොයුරියගේ චරිතයත් නිරූපණය කරති.
දංගල් | |
---|---|
අධ්‍යක්ෂණය | නිතේෂ් තිවාරි |
රචනය | නිතේෂ් තිවාරි පියුෂ් ගුප්තා ශ්‍රෙයාස් ජෛන් නිඛිල් මෙහරෝත්රා |
නිශ්පාදනය | ආමීර් ඛාන් කිරන් රාඕ සිද්ධාර්ත් රෝයි කපූර් |
රංගන ශිල්පීන් | ආමීර් ඛාන් සාක්ෂි තන්වාර් ෆාතිමා සානා ෂෙයික් සාන්යා මල්හෝත්‍රා සයිරා වසීම් සුහානි භාට්නගර් ගිරිෂ් කුල්කර්ණි |
කථනය | අපර්ශක්ති ඛුරානා |
සිනෙමාරූපණය | සේතු (සත්‍යජිත් පාණ්ඩේ)[1] |
සංස්කරණය | බල්ලු සලූජා |
සංගීතය | ප්‍රිතම් |
Production companies | වෝල්ට් ඩිස්නි පික්චර්ස් ආමීර් ඛාන් ප්‍රොඩක්ෂන්ස් යූටීවී මෝෂන් පික්චර්ස් |
බෙදාහැරීම | වෝල්ට ඩිස්නි ස්ටූඩියෝස් මෝෂන් පික්චර්ස් |
නිකුත්වූ දින |
|
තිර කාලය | මිනිත්තු 161[2] |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
පිරිවැය | කෝටි 70[3] |
ආදායම | ඇස්ත. කෝටි 2,007 (US$ මිලියන 310)[4] |
චිත්‍රපටයේ සංවර්ධනය කටයුතු ඇරඹුණේ 2013 මුල්කාලයේ තිවාරි පිටපත රචනා කරන්නට යෙදුණු කාලයේයි. මූලික වශයෙන් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තය පසුබිම් කරගත් මෙහි, ප්‍රධාන ඡායාරූපකරණය 2015 සැප්තැම්බරයේ ඇරඹුණේ අසල්වැසි පන්ජාබයේ ය.[6] සත්‍යජිත් පාණ්ඩේ සිනෙමාරූපක ලෙස කටයුතු කළ අතර, බල්ලු සලූජා මෙහි සංස්කාරක ලෙස කටයුතු කළේ ය. ප්‍රිතම් විසින් චිත්‍රපටයේ සංගීතය සහ ධ්වනිපථය නිමැවූ අතර, පද රචනය සිදුකරන ලද්දේ අමිතාභ් භටාචාර්යා විසිනි. ඉන්දියානු කාන්තා මල්ලව පොර කණ්ඩායමේ පුහුණකරුවකු වන ක්රිපා ශංකර් බිෂ්නෝයි මල්ලව පොර ජවනිකා සඳහා ඛාන්ව පුහුණු කළා ය.[7]
2016 දෙසැම්බර් 21 උතුරු ඇමරිකානු මංගල දර්ශනයත් සමග, දෙසැම්බර් 23 සිට දංගල් ලොව පුරා මුදාහැරුණේ විචාරකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබා ගනිමිනි. මෙම පැසසුම ප්‍රධාන වශයෙන්ම ජීවමාන කථාවක් "සාධාරණ" අයුරින් නිරූපණය සහ ඛාන්ගේ රංගනය වටා කේන්ද්‍රගත විය. මෙය 2017 අප්‍රේල් මස බීජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ සහ 2017 ජූනි මස දෙවන BRICS චිත්‍රපට උළෙලේ දී තිරගත විය.[8] 64වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී සයිරා වසීම් හොඳම සහාය නිළිය සඳහා වන සම්මානය දිනාගත්තේ ගීතාගේ ළමාවිය නිරූපණය වෙනුවෙනි. 62වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී මෙය සම්මාන හතරක් හිමි කරගත්තේ ය: එහි දී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා (ඛාන්) සහ හොඳම ක්‍රියාදාම (ශ්‍යාම්) යන සම්මාන හිමි විය.[9] ආර්ථික වශයෙන් ද එලෙස සාර්ථකත්වයක් හිමි කරගත් මෙය දැනට ඉහළම ආදායම් ලබන ඉන්දියානු චිත්‍රපටයට හිමි වාර්තාව උසුලයි. එසේම පස්වන ඉහළම ආදායම ලබන ඉංග්‍රීසි-නොවන චිත්‍රපටය බවට මෙය පත්වූයේ 2000 කෝටි (US$310 මිලියන)කට අධික ආදායමක් උපයා ගනිමිනි.[10][11] ඉන් කෝටි 1,200කට අධික ආදායමක් හිමිවූයේ චීනයෙනි.[12][13] එය චීනයේ සර්වකාලීන ඉහළම ආදායම් ලබන චිත්‍රපට 20 අතරට ද අයත් ය.[14] 2017 මෙල්බර්න් ඉන්දියානු චිත්‍රපට උළෙලේ දී මෙම චිත්‍රපටය ටෙල්ස්ට්‍රා ජනතා තේරීම සම්මානය ද හිමි කරගත්තේ ය.