කැටයම් කැපීම
From Wikipedia, the free encyclopedia
ඇල්බ්‍රෙච් ඩූරර් විසින් කරන ලද ශාන්ත ජෙරම් 1514 කැටයම් කැපීම යනු සාමාන්‍යයෙන් දෘඪ තල මතුපිටක් මත කට්ට කැපීම තුලින් එය තුළට යම් නිර්මාණයක් කා වැද්දීමේ ශිල්ප ක්‍රමයයි. මෙහි ප්‍රතිඵලය රිදී, රත්‍රං, වානේ හෝ වීදුරු කැටයම් කළ විට අලංකෘත කරන ලද වස්තුවක් හෝ තඹ හෝ වෙනත් ලෝහයක් කැටයම් කළ විට රූප කඩදාසි මත මුද්‍රණය කිරීම සඳහා වූ ඉන්ටාලියෝ මුද්‍රක තහඩු ලබා දේ. කැටයම්කරණය කලාත්මක මුද්රණකරණයේ දී මෙන්ම ග්රන්ථ හා සඟරා සඳහා වානිජමය ප්‍රති නිෂ්පාදනයන් හා ප්රකාශනයේ දී ද කඩදාසි මත රූප නිර්මාණය කිරීමේ ඓතිහාසිකව වැදගත් ක්‍රමයක් විය. එය එහි වානිජමය යෙදුම්වල දී ඡායාරූපකරණය මඟින් ප්‍රතිස්ථාපනය වී ඇත. තවද එම තාක්ෂණය ඉගෙන ගැනීමේ අපහසුතා නිසා මුද්රණකරණයේ ද මෙය බහුලව භාවිතා නොවේ. ඒ වෙනුවට එය නිරේඛණය හා අනෙකුත් තාක්ෂණික ක්‍රමවලින් ප්‍රතිස්ථාපනය වී ඇත. කැටයම් කිරීම සඳහා නිරන්තරයෙන් යොදා ගන්නා වදන් වන්නේ තඹ තහඩු කැටයම්කරණය හා රේඛීය කැටයම්කරණයයි. මේ සියල්ල එකම දෙයක් අඟවන නමුත් විශේෂයෙන් අතීතයේ දී මුද්රණකරණ තාක්ෂණික ක්‍රම කිහිපයක් ආවරණය කිරීම සඳහා වෙන් වෙන් වශයෙන් යොදා ගන්නා ලදී. එමනිසා කැටයම් ලෙස හඳුන්වන ඒවා බොහොමයක් නිරේඛණය වැනි සම්පූර්ණයෙන්ම වෙනස් තාක්ෂණික ක්‍රම මඟින් නිපදවා ඇත.
මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. |