කහානි
From Wikipedia, the free encyclopedia
කහානි (IPA: [kəˈɦaːni]; "කථාව") යනු සුජෝයි ඝෝෂ් විසින් සම-රචනය, සම-නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2012 ඉන්දියානු හින්දි-භාෂා අබිරහස් සංත්‍රාස චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන විද්‍යා බාලන්, සත්‍යෝකි "රාණා" සිංහා (පරම්බ්‍රතා චැටර්ජී) සහ ඛාන්ගේ (නවාසුද්දීන් සිද්දිකි) සහාය ඇතිව කොල්කතාවේ දුර්ගා පූජා උත්සවය අතරතුර සිය නැතිවූ සැමියා සොයන විද්‍යා බාග්චි නම් ගර්භනී කාන්තාවගේ චරිතය නිරූපණය කරයි.
කහානි | |
---|---|
අධ්‍යක්ෂණය | සුජෝයි ඝෝෂ් |
රචනය | දෙබස්:- රිතේෂ් ෂා සුතාපා සික්දර් සුජෝයි ඝෝෂ් |
තිර රචනය | සුජෝයි ඝෝෂ් |
කතාවස්තුව | සුජෝයි ඝෝෂ් අද්වෛතා කාලා |
නිශ්පාදනය | සුජෝයි ඝෝෂ් කුෂාල් කාන්තිලාල් ගාඩා |
රංගන ශිල්පීන් | විද්‍යා බාලන් පාරම්බ්රතා චැටර්ජී නවාසුද්දීන් සිද්දිකි ඉන්ද්‍රනීල් සේන්ගුප්තා සාස්වත චැටර්ජී |
සිනෙමාරූපණය | සේතු |
සංස්කරණය | නම්රාතා රාඕ |
සංගීතය | ගීත: විශාල්-ශේඛර් පසුබිම් ස්කෝරය: ක්ලින්ටන් සෙරීජෝ |
Production company | |
බෙදාහැරීම | වයාකොම් 18 මෝෂන් පික්චර්ස් පෙන් ඉන්ඩියා ලිමිටඩ් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 122[1] |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
පිරිවැය | 80 මිලියන (US$1.2 මිලියන)[2] |
ආදායම | 1.04 බිලියන (US$16 මිලියන)[3] |
80 මිලියන (US$1.2 මිලියන)ක පිරිවැයක් දරා නිපදවූ කහානි පිළිබඳ සංකල්පය සහ සංවර්ධනය සිදුකළේ ඝෝෂ් විසිනි. ඔහු අද්වෛතා කාලා සමග එක්ව චිත්‍රපටයේ සම-රචනය ද සිදුකළේ ය. කොල්කතා නගරයේ වීදිවල රූගත කිරීම්වල දී චිත්‍රපට කණ්ඩායම බොහෝවිට ගරිල්ලා චිත්‍රපට නිමැවුම් ක්‍රමය අනුගමනය කළේ අවධානය තමන් දෙසට යොමුවීම වළක්වා ගැනීමටයි. මෙම චිත්‍රපටය නගරය දක්ෂ ලෙස නිරූපණය සහ ප්‍රදේශයේ ජනයා හා රංගන ශිල්පීන් රැසක් යොදාගැනීම සම්බන්ධයෙන් ප්‍රකට විය. කහානි මගින් පුරුෂාධිපත්‍යයෙන් යුත් ඉන්දියානු සමාජයේ ස්ත්‍රීවාදී සහ මාතෘවාදී තේමාවක් නිරූපණය කෙරේ. මෙම චිත්‍රපටය තුළ සත්‍යජිත් රායි චාරුලතා (1964) සහ ආරන්යර් දින්රාත්රී (1970) වැනි චිත්‍රපට පිළිබඳ ඉඟිලෑම් ද සිදු කෙරේ.
2012 මාර්තු 9 දින කහානි ලොවපුරා මුදාහැරිණි. මෙහි තිරරචනය, සිනෙමාරූපණය සහ ප්‍රධාන නළු නිළියන්ගේ රංගනය විචාරක පැසසුම් හිමි කරගත්තේ ය. විචාරක පැසසුම් සහ මුඛ්‍ය ජනප්‍රියත්වයෙන් පසු මෙම චිත්‍රපටය දින 50ක් ඇතුළත ලොවපුරා 1.04 බිලියන (US$16 මිලියන)ක ආදායමක් උපයාගත්තේ ය. මෙම චිත්‍රපටය ජාතික චිත්‍රපට සම්මාන තුනක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන පහක් ඇතුළු සම්මාන කිහිපයක් ද හිමි කරගත්තේ ය. ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී මෙයට හොඳම අධ්‍යක්ෂක (ඝෝෂ්) සහ හොඳම නිළිය (විද්‍යා) සම්මාන ද හිමි විය. කහානි 2: දුර්ගා රාණි සිං වූ මෙහි අනුගාමී චිත්‍රපටයක් 2016 දෙසැම්බර් 2 දින මුදාහැරිණි.