ඒරිස්
From Wikipedia, the free encyclopedia
ඒරීස් (/ˈɛəriːz/; ග්‍රීක: Ἄρης [árɛːs]) යනු යුද්ධයට අධිපති ග්‍රීක දෙවියායි. ද්වාදශ ඔලිම්පියානුවන්ගෙන් අයකු වන ඒරීස්, සියුස් සහ හේරාගේ පුත්‍රයායි.[1] ග්‍රීක සාහිත්‍යය තුළ නිතරම ඔහුව නිරූපණය කොට ඇත්තේ යුද්ධයේ මෙල්ල නොවූ ප්රචණ්ඩ භෞතික ස්වරූපයක් ලෙසයි. නමුත් ඇගේ සොයුරිය වන සන්නාහ පැළඳි ඇතීනා බුද්ධියේ දේවතාවිය වන අතර, ඇය යුධ මූලෝපාය සහ සෙන්පතීත්වයට අධිපතිනය ලෙස ද දක්වා ඇත.[2]
ඒරීස් | |
---|---|
යුධ දෙවියා | |
වාසභවනය | ඔලිම්පස් කන්ද, ත්‍රේස්, මැසිඩෝනියාව, තීබ්ස්, ස්පාර්ටා සහ මැනි |
සංකේත | අසිපත, හෙල්ල, පලිහ, හිස්වැස්ම, යුධරථය, ගිනිසිළුව, සුනඛයා, වල් ඌරා, ගිජුලිහිණියා |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | ඇෆ්‍රොඩයිටි සහ වෙනත් තැනැත්තියන් |
දෙමාපියන් | සියුස් සහ හේරා |
සොයුරු/සොයුරියන් | ඉයාකස්, ඇන්ජලෝස්, ඇෆ්‍රොඩයිටි, ඇපලෝ, ආර්ටිමිස්, ඇතීනා, ඩියෝනිසස්, එයිලෙයිතියා, එන්යෝ, එරිස්, එර්සා, හෙබේ, ට්‍රෝයිහි හෙලන්, හෙෆේස්ටස්, හෙරක්ලස්, හර්මිස්, මිනෝස්, පැන්ඩියා, පර්සිෆෝන්, පර්සියස්, රැඩමැන්තස්, ග්රේස්වරු, හොරේ, ලිටේ, මුසේවරුන්, මොයිරයි |
දරුවන් | ඉරෝටිස් (ඊරෝස් සහ ඇන්ටරොස්), ෆෝබස්, ඩෙයිමොස්, ෆ්ලේජියාස්, හාර්මෝනියා, එන්යාලියෝස්, ත්රැක්ස්, ඊනොමෝස්, ඇමසන්වරු සහ ඇඩ්රේස්ටියා |
රොම සමානයා | මාර්ස් |
ග්‍රීකයන් ඒරීස් කෙරෙහි ද්විත්ව පිළිවෙත්ක අනුගමනය කොට ඇත. යුද්ධයේ සාර්ථකත්වයට අවශ්‍ය භෞතික ශූරතාව ඔහු වුව ද, භයානක බලවේගයක් වූ ඔහු "සටනේ දී ඉතා ගිජු, ප්‍රමාණය ඉක්මවා යන, විනාශකාරී ඝාතකයකු විය."[3] සටනේ දී ඔහුගේ පුත්‍රයින් වූ ෆෝබස් (භීතිය) හා ඩෙයිමොස් (ත්‍රාසය) සහ ඔහුගේ සොයුරිය හෙවත් පෙම්වතිය වූ එන්යෝ (අසමගිය) ඔහු සමග යුධරථයේ නැගී යති.[4] ඉලියඩ් තුළ ඔහුගේ පියා වන සියුස් ඔහුට පවසන්නේ තමන්ට වඩාත් වෛරකරන දෙවියා ඔහු බවයි.[5] ඒරීස් සමග සම්බන්ධතාව මගින් ස්ථාන සහ භාණ්ඩ භයානක, රෞද්‍ර හෝ හමුදාමය ගුණාංගවලින් යුක්ත වේ.[6] යුධ දෙවියා ලෙස ඔහුගේ අගය සැකසහිත ය. ට්‍රෝජන් යුද්ධයේ දී ඒරීස් පරාජය වූ පාර්ශ්වයේ විය. නමුත් නිතරම නයික් (විජයග්‍රහණය) සිය හස්තයෙහි දරාසිටින ඇතීනා ග්‍රීක කලාව තුළ විජයග්‍රාහී ග්‍රීකයන්ගේ ප්‍රියතාවයට ලක් විය.[3]
ග්‍රීක පුරාණෝක්තිවේදයේ සාහිත්‍යමය වෘත්තාන්ත තුළ ඒරිස්ට හිමිව ඇත්තේ සීමිත ස්ථානයකි. නමුත් ඔහුගේ නොයෙකුත් පෙම් සබඳතා සහ දරුවන් නිතරම ව්‍යාංගාර්ථයෙන් හඟවා ඇත.[7] පුරාණෝක්ති තුළ ඒරිස් දක්නට ඇති විට එය බොහෝදුරට අපකීර්තිය හා සම්බන්ධ එකකි..[8] ශිල්පයට අධිපති හෙෆේස්ටස් දෙවියන්ගේ භාර්යාව වූ ප්‍රේමයට අධිපති ඇෆ්‍රොඩයිටි දේවතාවියගේ සුප්‍රකට පෙම්වතකු ලෙස ද ඒරීස් සැලකේ.[9] ඒරිස් සහ ඇෆ්රොඩයිටිට සම්බන්ධ වඩාත් ප්‍රචලිත කථාවෙහි සැමියාගේ උපක්‍රමයක් මගින් ඔවුන් අවමානයට පත්වූ අයුරු දක්වා ඇත.[10]
රෝම දෙවිවරුන්අතර ඒරීස්ට අනුරූප දෙවියා වන්නේ මාර්ස් ය.[11] නමුත් පුරාතන රෝම ආගම තුළ රෝම ජනයාගේ පියා ලෙස ඔහුට ඉතා වැදගත් ස්ථානයක් හිමිව ඇත්තේ ආරක්ෂක දේවතාවකු ලෙසයි. ලතින් සාහිත්‍යය හෙලනීකරණයේ දී ඒරීස්ගේ පුරාණෝක්ති රෝම රචකයන් විසින් මාර්ස්ගේ නම යටතේ යළි අර්ථ දක්වා ඇත. රෝම පාලනය යටතේ ග්‍රීක රචකයන් ද මාර්ස්ට අදාළ වන්දනා ක්‍රම සහ චාරිත්‍ර ඒරිස්ගේ නාමය යටතේ සඳහන් කොට ඇත. මේ නිසා පසුකාලීන බටහිර කලාව සහ සාහිත්‍යය තුළ සම්භාව්‍ය සම්ප්රදායයෙහි මෙම චරිත ද්විත්වය වෙන්කොට හඳුනාගත නොහැකි වේ.