ඇරෝ (ටෙලි නාට්‍ය මාලාව)
ඇමෙරිකානු ටෙලිනාට්‍ය මාලාව / From Wikipedia, the free encyclopedia
Arrow යනු ලේඛකයා/ නිෂ්පාදකයන් Greg Berlanti, Marc Guggenheim සහ Andrew Kreisber විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු රුපවාහිනී නාට්‍ය මාලාවකි. එය DC COMICSහි Mort Weisinger සහ George Papp විසින් නිර්මාණය කරන ලද "ග්‍රීන් ඇරෝ" නම් චරිතය පාදක කරගෙන තැනුවකි. එය උතුරු ඇමෙරිකාවේ CW නාලිකාවේ 2012 ඔක්තෝබර් 10 දින සිටද, ජාත්‍යන්තර වශයෙන් 2012 අවසාන බාගයේදී ද විකාශනය ආරම්භ කෙරිණි. මූලික වශයෙන් Vancouver, British Colombia, Canada හිදී රූගත කරන ලද, සතුරු දූපතක පස් වසරක් අතරමං වී සිට නැවත නිවසට පැමිණ, දුන්න සහ ඊතලය ආයුධ ලෙස යොදා ගනිමින් අපරාධ සහ දූෂණ වලට එරහෙිව රහසිගත පුද්ගලයෙකු ලෙස සටන් කරන Stephen Amell රංගනයෙන් දායක වන Oliver Queen නැමැති බිලියනපති සෙල්ලක්කාර තරුණයෙකු වටා කතා මාලාව ගලා යයි. සිව්වන දිගහැරුම තෙක්, comic books වල සඳහන් වන "Green Arrow" නමැති අන්වර්ථ නාමයෙන් Queen පෙනී නොසිටියි.
ප්‍රභේදය |
|
---|---|
ආකෘතිය | මාලා නාට්‍ය |
මත පදනම්ව | DC Comics හි ඇතුලත් චරිත ඇසුරිණි |
ප්‍රවර්ධනය කලේ |
|
Composer(s) | බ්ලේක් නෙළී |
සම්භව රට | එක්සත් ජනපදය |
භාෂාව(න්) | English |
කථාවාර සංඛ්‍යාව | 7කි |
කථාංග ගණන | 78කි |
විධායකනිෂ්පාදක(යෝ) |
|
නිෂ්පාදක(යෝ) | J. P. Finn |
ස්ථානය(න්) | British Colombia |
සිනෙමාරූපණය |
|
කැමරා සැලැස්ම | තනි කැමරාව |
ධාවන කාලය | මිනිත්තු 40-43 |
නිෂ්පාදන සමාගම |
|
බෙදාහරින්නා | Warner Bros. Television Distributors |
මුල් නාලිකාව | CW නාලිකාව |
රූප ආකෘතිය | HDTV 1080i |
ශබ්ද ආකෘතිය | Dolby Digital 5.1 |
මුල් ධාවනය | 2012 ඔක්තෝබර් 10 (2012 ඔක්තෝබර් 10) – මේ දක්වා |
සබැඳි දර්ශන | The Flash (2014 TV series) |
නිල වෙබ් අඩවිය | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
Green Arrow චරිතය මෙන්ම අනෙකුත් DC Comics Universe චරිත ද නව මුහුණුවරකින් මෙම කතා මාලාව තුළ දක්නට ලැබේ. Oliver Queen/ Green Arrow චරිතය මීට ප්‍රථමයෙන් වර්ෂ 2006 සිට 2011 දක්වා විකාශය කෙරුණු Smallville රූපවාහිනී නාට්‍ය මාලාවට ඇතුළත් කර තිබුණත්, චරිතය නිරූපණය කිරීම සඳහා නව රංගන ශිල්පියකු (Amell) යොදා ගැනීමට නිෂ්පාදකයන් තීරණය කරන ලදී. Oliver Queen ගේ මානුෂිකත්වය සහ ඔහු මුහුදුබත් වී දූපතක සිර වී සිටි කාලයේදී ඔහු තුළ ඇති වූ වෙනස්කම් පිලිබඳව අවධානය යොමු කර ඇත. බොහෝ කොටස්වල Oliver වසර පහක් අතුරුදහන් වී සිටි කාලයේ් සිදු වූ සිද්ධීන් අතීතාවර්ජනයන් ලෙස පෙන්වයි.
Arrow, CW නාලිකාවෙහි පසුගිය වසර පහ තුළ විකාශය වූ වැඩසටහන් අතුරින් ජනප්‍රියම වූ වැඩසටහන වන අතර, විචාරකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර හිමිවිය. මෙහි පළමුවන දිගහැරුම අවසානයේදී පමණක් මිලියන 3.68 කට අාසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹූ අතර, සම්මාන 3කින් සහ බහුවිධ නාමයෝජනා වලින් පිදුම් ලැබිණි. මෙහි දෙවන වාරයෙහි මංගල දර්ශනය 2013 ඔක්තෝබර් මස 13 දින විකාශය කෙරිණි.ඇරෝහි 3වන වාරය 2014 පෙබරවාරි මස 13 දින ඉදිරිපත් කෙරිණි.