අන්තර්ක්‍රියාකාරී රූපවාහිනී
From Wikipedia, the free encyclopedia
ඉදිරි දශකයේදී අප රූපවාහිනි (TV) නරඹන්නේ කෙසේද යන්න තීරණය කරන සාධකය වන්නේ රූපවාහිනියෙන් පෙන්වන දෑය.ඒ අනුව අන්තර්ක්රියාවද වෙනස්වීමට බොහෝ ඉඩ ඇත. උදාහරණ ලෙස අපට වඩා අවශ්‍ය වන්නේ ක්‍රීඩා ද, ප්රවෘත්ති ද, චිත්‍රපට ද යන්න තීරණය කිරීම දෑක්විය හැකිය.
ඒ හා සමානව, ප්‍රචාරණ කෙරෙන වෙළඳ භාණ්ඩ හා සේවා පිළිබඳව වැඩි තොරතුරු ලබා ගැනීමටද ,ඒවා මිලදී ගැනීමටද ඇති හැකියාව වැඩිවිය හැකිය. මෙය ටීකොමර්ස් (tcommerce) හෝ රූපවාහිනි වෙළඳාම (television commerce) ලෙස හඳුන්වයි. මෙය වෙබ් අඩවි හා ජංගම දුරකථන ආයතන, රූපවාහිනි ආයතන සමඟ සාමූහිකව කටයුතු කිරීමට ගනු ලැබූ පියවරක් ලෙස සැලකිය හැකිය. මේවනවිට මෙය බහුජන සංසිද්ධියක් බවට පත්වෙමින් ඇත. (මෙවන් අන්තර්ක්‍රියා රූපවාහිනි වැඩසටහන්වලට දායක වන රූපවාහිනී, සහභාගී වන රූපවාහිනි (participation TV) ලෙස හඳුන්වයි. GSN හා TBS ඒවායේ කොටස් වේ. මෙවන් බහුකාර්යයන් දැන් මහා පරිමාණයෙන් සිදුකෙරේ. එනමුත් අනිකුත් ආකාරයේ අන්තර්ක්රියාන්හි නිරත රූපවාහිනී වැඩසටහන් හා සැසඳීමේදී රූපවාහිනිය මත ද්විතියික අන්තර් ක්‍රියාවට ගැලපීමට ස්වයංක්‍රිය සහය ඉතා අඩු හෝ නොමැති තරම්ය. සමහරුන් මෙය අන්තර්ක්‍රියා රූපවාහිනියකට වඩා "වෙබ්-දියුණුකල" රූපවාහිනී නැරඹිමක් ලෙස හඳුන්වයි. ඉදිරි මාස හෝ අවුරුදු කීපය තුළදී රූපවාහිනියක් හා පරිගණකයක් යන දෙකම අවශ්‍ය නොවීමටද ඉඩකඩ ඇත. මක්නිසාදයත් එම දෙකම එකම යන්ත්‍රයක් තුළ අන්තර්ක්‍රියා මෙවලමක් ලෙස නිර්මාණය වී ඉදිරි පරම්පරාව අතට පත්විය හැකි නිසාය. මිල අධික වීම හා අන්තර් ක්‍රියාවලියේ ඇති අඩුපාඩු නිසා තවමත් මෙම යන්ත්‍ර ඇමරිකානු නිවෙස්වල භාවිතයට නොගැනේ.
බොහෝ අය මූලිකවම සිතන්නේ දුරස්ථ පාලකයක් අතැතිව එකම රූපරාමුවක අන්තර් ක්‍රියාව සිදුකළ හැකි බවයි. නමුත් නැනෝ ගේමින්ග් (Nano Gaming) වැන් ද්වි-රූපරාමු විසඳුම් ද පවතී. නැනෝ ගේමින් වල දෙවන රූප රාමුව, පුද්ගලික පරිගණකයක් වන අතර එය වෙබ් අඩවි අයැදුමකට සම්බන්ධ කර ඇත. වෙබ් අයැදුම රූපවාහිනි සම්ප්‍රේෂණයට හෝ සාමාන්‍ය වෙබ් අඩවි සහායකයන්හි අඩංගු දෑ වලට ගලපා හෝ තිබිය හැකිය. මෙම ගැලපීම දත්ත ලෙසින් හෝ ක්‍රීඩා (games) වැඩසටහන් ආකාරයක් විය හැකිය. සමහර ද්වි-රූප රාමු අයැදුම් ජංගම දුරකථන වැඩසටහන් සමඟ ගැලපීමෙන් අන්තර් ක්‍රියාව සිදු කිරීමට ඉඩදේ.
මෙවන් සේවා "වර්ධිත රූපවාහිනි (Enhanced TV) " ලෙස හැඳින්වුවද, මෙම වචනය වැරදිව භාවිත කිරීම, කාලයට නොගැලපීම නිසා භාවිතයෙන් ඉවත් වී ඇත. (සමහර ආයතන හා මාධ්‍යය විසින් ඕනෑවටත් වඩා "අන්තර් ක්‍රියා රූපවාහිනි (interactive TV )" වර්ණනා කිරීම නිසා, ඒ වෙනුවට "වර්ධිත රූපවාහිනි " යන වදන, 90 දශකය මැද භාගයේදී භාවිතයට එක්විය.)
බොහෝ ඇමරිකානු රූපවාහිනි සම්ප්‍රේෂක ජාල මඟින් සැලකිය යුතු තරම් යහපත් මට්ටමේ පවතින ද්වි-රූප රාමු විසඳුම්, විශේෂ ප්‍රසිද්ධ වැඩසටහන් සඳහා පිරිනමා තිබේ. අද වනවිට, ද්වි-රූප රාමු අන්තර් ක්‍රියා රූපවාහිනි, " ද්වි - රූප රාමු" (කෙටියෙන්) නමින් හෝ "ගැලපූ රූපවාහිනි (Synchronized TV) නමින්ද හඳුන්වයි.එමෙන්ම සමහර ආයතන වලට ලබාදෙන තාක්ෂණික උදව් යටතේද ඇමරිකානු ජාතික සම්ප්‍රේෂකයන් විසින් මෙම රූපවාහිනී බෙදා හරී.