අන්ටෝනි ෆන් ලේවන්හුක්
From Wikipedia, the free encyclopedia
අන්ටෝනි ෆිලිප්ස් ෆන් ලේවන්හුක් ( ඕලන්ද භාෂාවෙන් අන්තෝනි, ඇන්ටනි, හෝ තෙයුනිස්, ඉංග්‍රීසියෙන්, ඇන්ටනි හෝ ඇන්ටන් ලෙසින්ද හැඳින්වෙන;[1] ඉංග්‍රීසි උච්චාරණය: /ˈleɪvənhʊk/, ඕලන්ද: [ˈɑntoːni vɑn ˈleːuə(n)ˌɦuk] ( අසන්න); ඔක්තොම්බර 24, 1632 – අගෝස්තු 26, 1723) යනු නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් වෙතින්වූ ඕලන්ද වෙළෙන්දෙක් සහ විද්‍යාඥයෙක් විය. ඔහු සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ "ක්ෂුද්රජීව විද්‍යාවේ පියා" ලෙසින් වන අතර, පළමු ක්ෂුද්රජීව විද්‍යාඥයා ලෙසින් සැලකේ. ඔහු වඩාත් ප්‍රසිද්ධයට පත්ව ඇත්තේ අන්වීක්ෂය වැඩිදියුණු කිරීම වෙනුවෙන්වූ ඔහුගේ දායකත්වය නිසා සහ ක්ෂුද්රජීව විද්‍යාව පිහිටුවීම වස් ඔහුගේ දායකත්වයන් නිසාය. ඔහු විසින් සියතින්ම තැනූ අන්වීක්ෂ උපයෝගී කරගනිමින්, ඔහු විසින් එකල මුලින්ම ක්ෂුද්‍ර ප්‍රාණින් ලෙසින් සහ, වර්තමානයේ ක්ෂුද්‍ර ජීවින් ලෙසින්ද හැඳින්වෙන, ඒක සෛලික ජීවින් නිරික්ෂණය කළ හා විස්කර කළ පළමු පුද්ගලයා ඔහු විය. පේශි තන්තු, බැක්ටීරියා, ශුක්‍රාණු සහ කේශනාලිකා (කුඩා රුධිර වාහිනී) තුල රුධිරය වහනය වීම පිළිබඳ අන්වීක්ෂීය නිරික්ෂණ සටහන් කළ පළමුවැන්නාද ඔහු විය. ෆන් ලේවන්හුක් කිසිදු ග්රන්ථයක් රචනා නොකළ මුත්, හේ බොහෝ ලිපි ලිවීය.
අන්ටෝනි ෆන් ලේවන්හුක් |
---|